හක්මන වෙඩි තැබීමෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් මරුට - GOSSIP9.WORLD

Post Top Ad

හක්මන වෙඩි තැබීමෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් මරුට

Share This
ක්මන සිදුවු වෙඩි තැබීමෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් මිය ගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ පොදුජන පෙරමුණේ එල්.එච්.ශාන්ත නැමැත්තෙක් බව පොලීසිය පවසයි.

අද(04) සවස 4.30 ට පමණ හක්මන පොලිස් වමේ කැබිලියපොල ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

යතුරු පැදියකින් සහ වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදු කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා හක්මන ගංගොඩගම රෝහලට ඇතුළත් කර තිබියදී මෙලෙස මියගොස් තිබේ.

වෙඩි තැබීම සිදු කල සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සඳහා හක්මන‍ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad