[ගොසිප්9 ඇස] රාජ්‍ය ආයතන 06කට විශේෂ ආරක්ෂාවක් - GOSSIP9.WORLD

Post Top Ad

[ගොසිප්9 ඇස] රාජ්‍ය ආයතන 06කට විශේෂ ආරක්ෂාවක්

Share This
ට තුළ පවතින දේශපාලන වාතාවරණය හමුවේ රාජ්‍ය ආයතන 06කට විශේෂ ආරක්ෂාවක් ලබා දී තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ අනුව ලේක්හවුස්, ජාතික රූපවාහිනිය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනී යන මාධ්‍ය ආයතනවලට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවයි.

ඊට අමතරව නීතිපති දෙපාර්තමේන්තුවට හා රජයේ මුද්‍රණාලයට ද පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව යොදවා ඇතැයි සඳහන්.

එම ආයතනවල ආරක්ෂාව පිළිබඳව සොයා බැලීමට විශේෂ කණ්ඩායම් 02ක් යොදවා ඇතැයි ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ප්‍රකාශ කළා. 

No comments:

Post a Comment

Post Bottom Ad