පාර්ලිමේන්තු වටරවුම ආශි‍්‍රත මාර්ගවල විශේෂ රථ වාහන ධාවන සැලැස්මක් - GOSSIP9.WORLD

Post Top Ad

පාර්ලිමේන්තු වටරවුම ආශි‍්‍රත මාර්ගවල විශේෂ රථ වාහන ධාවන සැලැස්මක්

Share This
පාර්ලිමේන්තුව අවට අද (05) පැවැත්වෙන උද්ඝෝෂණය හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම හා ඒ ආශි‍්‍රත මාර්ගවල විශේෂ රථ වාහන ධාවන සැලැස්මක් කි‍්‍රයාත්මක බව පොලීසිය පවසනවා.

පොලිස් රථ වාහන කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප‍්‍රකාශ කළේ දහවල් 12.00 සිට අදාළ මාර්ගවල රථ වාහන ධාවනය සීමා කරන බවයි.

ඒ අනුව කඩුවෙල, අතුරුගිරිය හා මාළඹේ සිට බත්තරමුල්ල හරහා කොළඹ දෙසට ගමන් කරන වාහනවලට කොස්වත්ත හංදියෙන් හෝ බත්තරමුල්ල හංදියෙන් වමට ගමන් කර පාලම් තුන හංදිය හරහා පාගොඩ පාර ඔස්සේ නාවල හංදිය හෝ නාරාහේන්පිට දෙසට ගමන් කර කොළඹට ළගා විය හැකියි.

එමෙන්ම කොළඹ සිට මාළඹේ, අතුරුගිරිය හා කඩුවෙල දෙසට ගමන් ගන්නා වාහනවලට ආයුර්වේද වටරවුමෙන් ගමන් කර බුත්ගමුව පාර, අඹගහ හංදිය, කළපළුවාව පාර හරහා කොස්වත්ත හංදියට ගමන් කර අතුරුගිරිය දෙසට ගමන් කළ හැකි බවයි පොලීසිය පැවසුවේ.

No comments:

Post a Comment

Post Bottom Ad