එංගලන්ත ක්‍රිකට් නායකයා සිය ප්‍රේක්ෂකයන්ට ලිපියකින් කණගාටුව දන්වයි - GOSSIP9.WORLD

Post Top Ad

එංගලන්ත ක්‍රිකට් නායකයා සිය ප්‍රේක්ෂකයන්ට ලිපියකින් කණගාටුව දන්වයි

Share This
මාස ගණනකට ඉහතදී අත්තිකාරම් මුදල් ගෙවා මහනුවර අර්ල්ස් රීජන්සි හෝටලයේ කාමර වෙන් කරගත් එංගලන්ත ක්‍රිකට් ප්‍රේක්ෂකයන් 100 දෙනකුට පමණ එම කාමර ලබාගත නොහැකි බව එංගලන්ත ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට සතියකට පමණ පෙර දන්වා තිබේ.

තරගය සඳහා සහභාගී වුවන්ට ඉඩකඩ සලසා දීමට, එංගලන්ත ආධාරකරුවන් වෙනත් ස්ථානයක් වෙත මාරු කර යැවීමට සිදු වූ බව ශ්‍රී ලංකා රජය නිවේදනය කරයි.

මේ හේතුවෙන් එංගලන්ත ක්‍රිකට් ආධාරකරුවන්ට තරගය පැවැත්වෙන දඹුල්ල ක්‍රීඩාංගනයේ සිට බොහෝ දුර බැහැර වෙනත් හෝටල්වල නවාතැන් සැපයීමට කටයුතු කර තිබූ බැවින්, සමහර ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩාංගනය කරා ළඟා වීමට පැය 3 කට අධික කාලයක් ගතව තිබේ.

මෙම සිදුවීමට මුහුණ දුන් ක්‍රිකට් ආධාරකරුවන් දෙවැනි ටෙස්ට් තරගයේ දිවා විවේක අවස්ථාවේ දී මුණගැසුණු එංගලන්ත ටෙස්ට් නායක ජෝ රූට් ඇතුළු කණ්ඩායම සිය කණගාටුව ලිඛිතව ප්‍රකාශ කර තිබේ.

"ඔබ සහ අපගේ සංචාරක සහයකයන් විසින් දක්වන ලද ලැදියාව, කැපවීම, අප සියලු දෙනාටම දැනේ. ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ දී එය ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. මහනුවර ටෙස්ට් තරගය සදහා ඔබ විසින් කර තිබු සැලසුම් හදිසියේම වෙනස් වීම සහ ඔබගේ නවාතැන් Earl's Regency හෝටලයෙන් දුර ස්ථානයක් දක්වා වෙනස් කිරීම පිළිබදව අප සියලු දෙනාටම ඇත්තේ බලාපොරොත්තු කඩවීමකි. මේ අනගි අත්දැකීම විදගැනීමට සහ ශ්‍රී ලංකාවේ ස්ථාන නැරඹීමට ඔබ විසින් කල්තබා සැලසුම් සකස් කොට බලා සිටින්නට ඇති.මේ ගැටලුව සහ මුලු තරගාවලියම වෙනස් කිරීම පිළිබද දුන් අනතුරු ඇගවීම පිළිබදව ඇසීම අපට පුදුමයට හේතුවක් විය. ECB විසින් එහි මතය පැහැදිලි ලෙස ප්‍රකාශ කර ඇති බව මට පැවසිය හැක".

"අපගේ සංචාරක කළමනාකරු සහ ලෝර්ඩ්ස් හි සිටින ඔහුගේ සගයින් විසින් මෙම තත්වයට විසදුමක් සෙවීම සදහා කෙතරම් මහන්සි වී කටයුතු කළදා යන්න මම දන්නා නමුත්, අපගේ ආගන්තුක සත්කාර ලබාදෙන්නන් විසින් ‍කෙතරම් අතිරේක පහසුකම් සැලසුවත්, මේ හරහා ඔබට බලපෑමක් එල්ල වු බවත්, අපගේ සංචාර මෙහෙයවන්නන් මුහුණ පෑ අපහසුතා පිළිබදවද මම දනිමි".

"මේ කණ්ඩායමේ නායකයා වශයෙන්, මෙම තරගය ඔබට අමතක නොවන එකක් බවට පත් කිරීමට සහ මෙම ටෙස්ට් තරගයේ ඔබගේ දායතක්වයට ස්තුති කිරීම සදහා අප, අපට කළ හැකි සියල්ලම කරන බවට මම පොරාන්දු වෙමි. ඔබගේ අඛණ්ඩ සහයෝගයට ස්තුතියි- ඔබව ක්‍රීඩාංගනයේදී දැකීමට බලාපො‍රොත්තු වෙමු." යනුවෙන් එම ලිපියේ සදහන්ව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad