පාර්ලිමේන්තුව අද කැඳවනවා - කථානායක - GOSSIP9.WORLD

Post Top Ad

පාර්ලිමේන්තුව අද කැඳවනවා - කථානායක

Share This
පාර්ලිමේන්තුව අද (14දා) පෙරවරු 10.00ට රැස්වන බවත්, ඒ සඳහා සහභාගි වන ලෙස කථානායක කරු ජයසූරිය මහතා විසින් සියලුම මන්ත්‍රිවරුන්ට දැනුම් දී තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් 2018 නොවැම්බර් මස 4 වැනි දින නිකුත් කරන ලද අංක 20-95/50 ගැසට් නිවේදනය ප්‍රකාරව එලෙස පාර්ලිමේන්තුව කැඳවන බවද සඳහන් කළේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය දෙසැම්බර් 07දා තෙක් අත්හිටුවීමට ශේ‍ර්ෂ්ඨාධිකරණය ඊයේ (13දා) දුන් අතුරු තහනම් නියෝගයෙන් පසුව පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් අද (14දා) පෙරවරු 8.30ට කථානායකවරයා විසින් කැඳවා තිබේ.

අද (14දා) දිනට නියමිතව තිබුණේ කල් දැමූ පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් උත්සවාකාරයෙන් විවෘත කිරීමටය.

No comments:

Post a Comment

Post Bottom Ad