[ගොසිප්9 ඇස] ස්ථාවර නියෝග අත්හිටුවයි පාර්ලිමේන්තුව අරාජිකයි විසඳුම ශේ්‍රෂ්ඨාධිකරණය අතේ ! - GOSSIP9.WORLD

Post Top Ad

[ගොසිප්9 ඇස] ස්ථාවර නියෝග අත්හිටුවයි පාර්ලිමේන්තුව අරාජිකයි විසඳුම ශේ්‍රෂ්ඨාධිකරණය අතේ !

Share This
විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට හා සම්ප්‍රදායට අනුව ඉදිරිපත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ 15 වැනිදා පැවැති සාකච්ඡාවේදී එකඟත්වය පළ කළ එක්සත් ජාතික පෙරමුණ පක්ෂ නායක රැස්වීමේදී ඊට පටහැනිව ක්‍රියා කරමින් පාර්ලිමේන්තු රැස්වීමේ කටයුතු සිදුවීම තවදුරටත් ගැටුම්කාරී තත්ත්වයක් ඇති වී පාර්ලිමේන්තුව තුළ අරාජික බවක් නිර්මාණය වෙමින් පවතී.

ඉකුත් සිකුරාදා පාර්ලිමේන්තු රැස්වීමට පැමිණි කථානායකවරයාට පොලිස් ආරක්ෂාව මැද සිය ආසනය වෙත පැමිණීමට පවා නොහැකිව පාර්ලිමේන්තු සේවා සහායකයන් සඳහා වෙන් කර ඇති ආසනයක සිට පාර්ලිමේන්තුව හෙට (19දා) දක්වා කල් තැබීමට සිදුවූයේ මෙසේ නිර්මාණය කළ තත්ත්වය නිසාය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශේ‍ර්ෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත දෙසැම්බර් 7 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනයකම මේ ආකාරයේ ගැටුම් සහගත තත්ත්වයක් පාර්ලිමේන්තුව තුළ ඇති වීම නොවැළැක්විය හැකි බව ආණ්ඩු පක්ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රිවරුන් දෙදෙනකුම "ඉරිදා මව්බිම"ට පවසමින් කීවේ හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදීද මේ තත්ත්වයේ වෙනසක් ඇති නොවන බවයි.

පසුගිය 14 වැනිදා සිට පාර්ලිමේන්තුවේ ඇති වූ මෙම අශෝභන ගැටුම් සහගත තත්ත්වය සිකුරාදා වන විට පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙතෙක් නොදුටු අවාසනාවන්ත, කනගාටුදායක සිදුවීමක් බවට පත්විය. මෙදින පාර්ලිමේන්තු සභා ගැබට කථානායකවරයා පැමිණියේ සියයකට ආසන්න පොලිස් ආරක්ෂක වළල්ලක් මැදි කරගෙනයි.

හැත්තෑ වසරක පාර්ලිමේන්තු ඉතිහාසයේ කථානායකවරයකු මෙසේ පොලිස් බළඇණියක් සමඟ පාර්ලිමේන්තු සභා ගැබට පැමිණ කථානායක අසුනේවත් වාඩි වීමට වරම් නොලබා සේවා සහායකයකුට වෙන් කර ඇති අසුනක වාඩි වී තාවකාලික මයික්‍රෆෝනයකින් සභාව ඇමතූ කථානායකවරයා ලෙස කරු ජයසූරිය ඉතිහාසයට එක්වෙයි. එවැනි වාතාවරණයක් මැද්දේ සභා ගැබට පැමිණි කථානායකවරයා සිකුරාදා දිනයේ කළේද බ්‍රහස්පතින්දා මෙන් විශ්වාසභංග යෝජනාව සම්මත වූ බව දැඩි ඝෝෂා මධ්‍යයේ කටහඬ අනුව සම්මත වූ බව ප්‍රකාශ කිරීමයි.

මන්ත්‍රිවරුන් කුණු කූඩ, ලිපි ගොනු, වතුර බෝතල්, පොත්, පුටු කකුල් ආදියෙන් කථානායකවරයා දෙසටත් ඔහුට ආරක්ෂාව සැලසූ පොලිස් නිලධාරීන් දෙසටත් පහරවල් එල්ල වීමේ සිද්ධියෙන් මන්ත්‍රිවරුහු පිරිසක්ද, පොලිස් නිලධාරීහු පිරිසක්ද තුවාල ලැබූහ. මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ජේ‍යෂ්ඨතම හා වයෝවෘද්ධ හිටපු ඇමැතිවරයකු වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා වෙත මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල වීම කොල්ලකරුවන් පිරිසකගේ හැසිරීම වැනි තත්ත්වයක් පෙන්නුම් කළේය.

මෙවැනි ගැටුම්කාරී තත්ත්වයක් එක දිගට උද්ගත වීමේ තත්ත්වයක් මැද මහජන ගැලරි මහජනතාවට විවෘත කිරීමත්, විශේෂයෙන් කථානායක ගැලරිය විදේශිකයන් සඳහා විවෘත කිරීමත් කුමන පරමාර්ථයකින් සිදු කළේද යන ප්‍රශ්නය ජනතාවගේ අවධානයට යොමු වී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad