පාර්ලිමේන්තුව කැඳවන්න මහලේකම්ට බලයක් නැතැයි කියමින් අයිතිවාසිකම් පෙත්සමක් - GOSSIP9.WORLD

Post Top Ad

පාර්ලිමේන්තුව කැඳවන්න මහලේකම්ට බලයක් නැතැයි කියමින් අයිතිවාසිකම් පෙත්සමක්

Share This
විසුරුවා  හැර තිබූ පාර්ලිමේන්තුව යළි කැදවීමට  පාර්ලිමේන්තු  මහලේකම්වරයා විසින්  ගත් තීන්දුව නීතිවිරෝධී බවත් , එමගින් තමාගේත් ජනතාවගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි සඳහන් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද (19) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහලේකම් , කතානායක සහ නීතිපති නම් කරනු ලැබ සිටී.

පුරවැසියකු ලෙස ගොනු කර ඇති මෙම පෙත්සම මගින් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා ගේ බලතල යටත් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ඉකුත් 14 වැනිදා යළි කැදවා ඇති බවත් එලෙස එය කැදවීමට පාර්ලිමේන්තු මහලේකම්වරයාට හෝ නීතිපතිවරයාට බලයක් නොමැති බවයි.

එසේ කැදවීම තුළින් තමා ඇතුළු ජනතාවගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවත් , එමගින් තම අයිතිවාසිකම් කඩවූ බවට තීන්දු කරන නියෝග ලබා දෙන්නැයි පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී. එසේම පාර්ලිමේන්තුව කැදවීමට මහ ලේකම්වරයාට බලයක් නැති බවට ප්‍රකාශ කරන්නැයි ද පෙත්සමේ සඳහන් වේ.

No comments:

Post a Comment

Post Bottom Ad