කොළඹ ප්‍රදේශ කීපයකට හෙට පැය 18ක් ජලය නෑ - GOSSIP9.WORLD

Post Top Ad

කොළඹ ප්‍රදේශ කීපයකට හෙට පැය 18ක් ජලය නෑ

Share This
කොළඹ ප්‍රදේශ කිහිපයක හෙට (24දා) සෙනසුරාදා පෙරවරු 8.00 සිට පැය 18ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවනු ලබයි.

මට අමතරව මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලටද, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල සහ රත්මලාන හා සොයිසාපුර යන ප්‍රදේශවලද, සෙනසුරාදා පෙරවරු 8 සිට ඉරිදා අලුයම දෙක දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත් කළ නිවේදනයෙහි දැක්වෙයි. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවන බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad