[LIVE BLOG] මහින්ද අගමැති ‌ලෙස දිවුරුම් දෙයි - එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහය මහින්දට - GOSSIP9.WORLD

Post Top Ad

[LIVE BLOG] මහින්ද අගමැති ‌ලෙස දිවුරුම් දෙයි - එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහය මහින්දට

Share This

Update 9:20am 28.10.2018

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහය මහින්දට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමක් ඊයේ  (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

රජයේ ඉදිරි වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කකර ඇති බව ජනාධිපති මාදය අංශය නිවේදනය කළේය.

එම ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලූ මන්ත්‍රීවරුන්ගේ සහය ලබාදෙන බවට යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් එය ස්ථීර කිරීමෙන් අනතුරුව සියලූ මන්ත්‍රීවරුන් ඒ සඳහා ඒකමතිකව සහයෝගය පළ කරන ලදී.


මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලූත්ගමගේ මහතා ද, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන්, ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයන් රැසක් එක්ව සිටී අතර ඔවුන් සියලූදෙනාගේ සහයෝගය ද රජයේ ඉදිරි වැඩ කටයුතු සඳහා ලබාදෙන බව ප්‍රකාශ කළ බව එම නිවේදනයේ සඳහන් වේ.

කැබිනට් මණ්ඩලය විසුරුවයි

පාර්ලිමේන්තු සැසිය අත්හිටුවා ඇති ඉදිරි සති දෙකක කාලය තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි කර ගැනීමට ක්‍රියා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඉරිදා (ඔක් 27) කොළඹ පදනම් ආයතනයේදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය හමුවකදීය.

මෙම මාධ්‍ය හමුවට මහාචාර්ය ජී.එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, ආරුමුගම් තොණ්ඩමන් මෙන් ම එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ‍ ද සහභාගී වූහ.

එහිදී මහාචාර්ය ජී.එල්. පීරිස් පැවසුවේ, ජනාධිපතිවරයා සිදු කළ පත් කිරීම ව්‍යවස්ථා විරෝධී බවට චෝදනා කළ ද, 42/4 වගන්තිය යටතේ එය ව්‍යවස්ථානුකූලව සිදු කර ඇති බවය.


එක්සත් ජනතා නිදහස් සන්ධානය සම්මුති ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමග කැබිනට් මණ්ඩලයේ සංයුතිය නොමැති වීමෙන් කැබිනට් මණ්ඩලය අහෝසි වන අතර ඒ හේතුවෙන් අගමැති ධූරය ද අහෝසි වන බව ජී.එල්. පීරිස් සඳහන් කළේය.

කිසිදු පක්ෂයකට JVPයේ සහය නෑ

ජනතා විමුක්ති පෙරමුණ කිසිදු පක්ෂයකට සහය ලබා නොදෙන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා  පවසයි.


අද (27)  කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකද ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.


මුස්ලිම් කොංග්‍රසයේ සහය රනිල්ට

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සතු මන්ත්‍රීවරුන් 7 දෙනාගේ සහය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට අද(27) උදෑසන පැවති සාකච්ඡාවකින් අනතුරුව තීරණය කර තිබේ.

ඊයේ(27) පස්වරුවේ නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමත් සමඟ අග්‍රාමාත්‍යධූරය සම්බන්ධයෙන් ව්‍යාකූල තත්ත්වයක් හට ගෙන තිබේ.


කෙසේ වෙතත් අප කළ විමසීමක දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය ජාතික සංවිධායක ෆයිසල් කාසීම් මහතා මෙම අදහස් පළ කළේය.

ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන්ගේ සහය මහින්දට

ලංකා කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනාගේ සහය නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර තිබේ. අප කළ විමසීමකදී  එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු සිවලිංගම් මහතා මේ බව තහවුරු කළේය.



තොණ්ඩමන්ගේ සහාය මහින්දට
ආරුමුගම් තොන්ඩමන් මහතා පාලනය කරන ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්
දෙදෙනා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත තම සහය ලබාදෙන බව ප්‍රකාශ කළා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු ශිවලිංගම් මෙ බව අද මාධ්‍ය වෙත දන්වා තිබේ.


එජාප මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහින්දට එක්වෙයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්මගේ මහතා සිය සහාය නව අගමැති වශයෙන් දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන බව සඳහන් කරයි. එසේම ඉදිරියේදී තවත් පිරිසක් මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වෙන බව ඔහු ප්‍රකාශ කරයි.

අගමැති ධුරයෙන් ඉවත්කළ බවට ජනපති ලිපියකින් දන්වයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත්කළ බවට සඳහන් ලිපිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට යොමුකර තිබේ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 (2) වගන්තිය අනුව රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කළ බවත් තමන්ට පැවැරී ඇති බලතල අනුව නැවතත් එම ධුරයෙන් ඉවත් කළ බවත් ජනපතිවරයාග් අත්සනින් යුත් ලිපියේ දැක්වෙයි.



සිරිසේන මහත්තයෝ මේ මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කිරීම නීති විරෝධී බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.



ඔහු සඳහන් කරන්නේ මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අරලිය ගහ මන්දිරයේ පැවැත්වෙන බවයි. එසේම මෙය ප්‍රාජාතන්ත්‍රවාදය දැයි තමන් ජනපතිවරයාගෙන් ප්‍රශ්න කරන බවත් ඔහු පවසයි.


TPA විශේෂ රැස්වීමක්

දමිල ප්‍රගතිශීලී සන්ධානයේ විශේෂ රැස්වීමක් මේ වන විට ආරම්භ කර තිබේ. අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරන්නේ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයට මන්ත්‍රීධුර 6ක් හිමි බවයි.

එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් විශේෂ රැස්වීමක්

එක්සත් ජතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අරලිය ගහ මන්දිරයේදි පැවැත්වීමට නියමිතය. ඒ සඳහා සියලුම මන්ත්‍රීවරුන්ට පස්වරු 9.30ට අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණෙන ලෙස දන්වා තිබේ.

තාමත් අගමැති මමයි - රනිල්

තමන් තාමත් අගමැති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දීම නීතිවිරෝධී බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. සිරස රූපවාහිනියට අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කරයි.

රජයේ ඉදිිරි කටයුතු ගැන සාකච්ඡාවක්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමත් සමගින් රජයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡාවක් මේ වන විට ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි. මෙහිදී නව කැබිනට් මණ්ඩලය පත්කිරීම පිළිබඳවද මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පවත්වන බව වාර්තා වෙයි.

තාමත් අගමැති රනිල්මයි - එජාපය

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දීම ව්‍යවස්ථා විරෝධී බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථාව අනුව ඉවත් කළ නොහැකි බවත් එහෙයින් ඔහු අගමැති ලෙස කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.




මහින්ද අගමැති ලෙස දිවුරුම් දීම නීත්‍යානුකූල නෑ - මංගල

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස දිවුරුම් දීම ව්‍යවස්ථාවට හා නීතියට පටහැනි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ඔහු සිය ට්විටර් ගිණුමට කළ ප්‍රකාශයක දැක්වෙන්නේ මෙය රාජ්‍ය විරෝධී ක්‍රියාවක් බවයි.

හිටපු ජනපති මහින්ද අගමැති ලෙස දිවුරුම් දෙයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අගමැති ලෙස දිවුරුම් දී තිබේ.යහපාලන රජයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශ්‍රී ලංකා නිදහස්  පක්ෂ පාර්ශ්වය ඉවත් වීමටත් කටයුතු කෙරිණි. ජනපති ලේකම් කාර්යාලයේදි අද සවස මෙම දිවුරුම් දීම සිදුවිය.

No comments:

Post a Comment

Post Bottom Ad