පළාත් සභා මැතිවරණය කල්යෑම ගැන ලැජ්ජයි - GOSSIP9.WORLD

Post Top Ad

පළාත් සභා මැතිවරණය කල්යෑම ගැන ලැජ්ජයි

Share This

ළාත් සභා මැතිවරණය කල් යෑම පිළිබඳව තිබෙන්නේ කල කිරීමකටත් වඩා ලැජ්ජාවක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ  (29) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු කරදෙන ලෙසට දේශපාලනඥයන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාස 06ක් තිස්සේ ඉල්ලීම් කල බවද හෙතෙම පවසා සිටියේය.

මීට අමතරව මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා සීමා නිර්ණ සමාලෝචන කමිටුවක් පත්කළ බවත්, කමිටුවේ නිල කාලය  (28 දා) අවසන් වූ බවත් ඒ මහතා පවසා සිටියේය.

එහෙත් කමිටුව විසින් සමාලෝචන වාර්තාවක් සකස් කර නොමැති බවත්, මේ නිසා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උපදෙස් ලබාගන්නා බවත් මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad