රන්ජන් සමග මංගල ඡායාරූප ගත්ත අනුෂාගේ පෙම්වතා මුරණ්ඩු වෙලාලු – විවාහ උත්සවයත් කල් යන ලකුණු - GOSSIP9.WORLD

Post Top Ad

රන්ජන් සමග මංගල ඡායාරූප ගත්ත අනුෂාගේ පෙම්වතා මුරණ්ඩු වෙලාලු – විවාහ උත්සවයත් කල් යන ලකුණු

Share This
රන්ජන් සමග මංගල ඡායාරූප ගත්ත අනුෂාගේ පෙම්වතා මුරණ්ඩු වෙලාලු – විවාහ උත්සවයත් කල් යන ලකුණු
රන්ජන් රාමනායක සහ අනූෂා දමයන්ති පසුගියදා මංගල ඇඳුමින් ඡායාරූප කිහිපයක් හා වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබුණු අතර මේ හේතුවෙන් බොහෝ දෙනෙකු සිතා සිටියේ ඔවුන් සැබෑවටම විවාහ වූ බවයි. ඒ නිසාම ඡායාරූපයන් දුරදිග ගොස් අනූෂා දමයන්ති අපහසුතාවට පවා පත්වූ බවයි මේ වන විට දැනගන්නට ලැබෙන්නේ.

මේ සම්බන්ධයෙන් අනූෂා පුවත්පතකට අදහස් පළකර සිටි අතර ඇය එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ තමන්ගේ පෙම්වතාගෙන් පවා මේ ගැන ඇසූ පුද්ගලයින් සිටි බවයි.
ඇත්තද මේ කතාව..?
ඒක ඇත්ත..මේ ඡායාරූපය දැක්ක බොහෝ අය හිතුවේ මමයි රන්ජන් අයියයි ඇත්තටම විවාහ වෙලා කියලයි…කොහොම හරි මේ ඡායාරූපය ගැන මගේ පෙම්වතාගෙනුත් බොහෝ දෙනා අහල තිබුණා.. ඒක ඇත්තටම එයාට කරදරයක් වෙන විදිහට දුරදිග ගිහින්..
සමහර අය පත්තරවල ගිය මේ පින්තූරය කපල ලියුම් පවා එවල තිබුණා. ඇත්තටම මේක ඉවසගන්නම බැරි තැන ඔහු මට කතා කරල කිව්ව, ඒක මේ විදිහේ පින්තූරයක් වෙන බව මුලදී දන්නව නම් එයාල ඔයාට ගෙවපු මුදලට වඩා වැඩි ගාණක් දීල මම ඔයාව ගෙදර නවත්ත ගන්නවා කියලා..
පින්තූරය දැක්ක හැටියේ මට කතා කළ බොහෝ දෙනෙක් අවංකවම සුබ පතන්න ගත්තා. සමහරු “අනේ ඔය දෙන්න එකතු වෙච්ච එක කොයි තරම් හොඳද කියල කිව්වා.. තවත් අය මොකක්ද මේ කර ගත්තේ ඇයි රන්ජන් වගේ කෙනෙක්ව බඳින්න තීරණය කළේ කියලා ඇහුවා. විශේෂයෙන්ම ඒ විදිහට ප්‍රශ්න කළේ රන්ජන් අයියා කරන දේශපාලනයට විරුද්ධ මට හිතවත් අය බව මට වැටහුණා.. මොකද දේශපාලනික වශයෙන් මම ඉන්නේ රන්ජන් අයියා කරන පක්ෂ දේශපාලනයට විරුද්ධ පැත්තේනේ..
ඊළඟට සමහරු ඔය තීරණේ ගත්තේ හොඳට හිතල බලලද කියලත් ඇහුවා..
ඇත්තටම මේ වගේ ප්‍රශ්න එක දිගට ආවා. සමහරු මම කියන දේ විශ්වාස කළේම නැහැ. අන්තිමට මට මේකට උත්තර දීලම එපා වුණා.. දැන් කියලත් වෙනසක් නැහැ.. දන්නේ නැති අය තවම අහනවා..
රන්ජන් අයියා මේ පින්තූරයට පෙනී ඉන්න කොටත් මහ පිස්සු වැඩ ගොඩක් කළා.. ඇත්තටම මම බොහොම අමාරුවෙන් තමයි ඒ ෆොටෝ ෂූට් එක ඉවර කළේ.. එයාට හැම වෙලාවෙම හැම එකක්ම විහිළු.. බොරු දේවල් කරල මාව බය කළා. හිනැස්සුවා. අන්තිමට, ‘අනේ ප්ලීස් අයියේ මට මේක හරියට කරන්න උදව් කරන්න කියල පිංසෙන්ඩු වෙන්න පවා මට සිද්ධ වුණා..
රන්ජන් අයියා එක්ක සීරියස් වැඩ කරන එක හිතන තරම් ලෙහෙසි නැහැ..කොයි වෙලාවේ බැලුවත් ඉවරයක් නැහැ ජෝක් කරනවා..
කොහොම වුනත් අනූෂා ඇත්තටම විවාහ වෙන්න යන එක ගැන අහපු ප්‍රශ්නයටකටත් ඇය උත්තර දීලා තිබුණා. ඒ ගැන ඇය පැවසුවේ මේ විදියට.
හොඳයි තමයි…ඒත් මගේ මනාල මහත්තයා ඉන්නේ ටිකක් මුරණ්ඩු වෙලා.. ඒ නිසා අපේ මංගල්‍යය ආපහු ටිකක් විතර කල් යන ලකුණු ඇවිල්ලා

Post Bottom Ad