අනුෂා රංජන් එක්ක විවාහ වුණාද? - GOSSIP9.WORLD

Post Top Ad

අනුෂා රංජන් එක්ක විවාහ වුණාද?

Share This
අනූෂාට රන්ජන්ව විවාහ කරන්න ඕන වුණේ කාටද?
රන්ජන් අයියාගෙයි මගෙයි ෆොටෝ ෂූට් එක කළේ රූපවාහිනි වැඩසටහනක් වෙනුවෙන්. ජාතික රූපවාහිනියේ රන්හුය වැඩසටහන කරන පවිත්‍රා මගේ යාළුවෙක්. පවිත්‍රා මට කතා කළා මේ වැඩේ කරන්න. මම මනාලියන්ට අඳින්නෙත් නෑ. එහෙම අඳිනවා නම් මම ගන්න ගාණක් තියෙනවා. මම ඉතින් මගේ ගාණ කිව්වා. එයාලා ඕකේ කිව්වා. ඒ නිසා වැඩේ කළා.

මනාලයා රන්ජන් බව කලින්ම දන්නවද?
ජනප්‍රිය දෙන්නෙක් ගන්නවා කිව්වා මිස රන්ජන් එන බව කිව්වේ නෑ. මේ වැඩේට දවස් දෙකකට කලින් තමයි රන්ජන් අයියා එනවා කියලා දැන ගත්තේ. මට ඉතින් සතුටු හිතුණා. මොකද රන්ජන් අයියා මගේ හිතවතෙක්නේ.
රන්ජන් එක්ක එකට වැඩක් කරපු පළමු වැනි වතාව නෙවෙයිනේ?
දැනට දෙරණ ස්ටාර් සිටි එකේ අපි දෙන්නා එකට ඉන්නවා. කොහොමත් එකට ඉන්නවා. කොහොමත් මම සිනමාවට ආව මුල් කාලේ ඉඳලම අන්ජන් අයියා මාත් එක්ක හරිම හිතවත්. ඒක ආදරය හා ප්‍රේමයට එහා ගිය පුදුමාකාර බැඳීමක්. ඉතින් නැවත ආයෙත් අපි දෙන්නා එකට මුණගැසුණා. ඒක දෛවෝපගතයි.
රන්ජන් එක්ක සිප ගන්න දර්ශන කීපය රූගත කරන්න පහසු වුණාද?
ඔව්, ඉතින් රන්ජන් අයියා හරි විහිළුයිනේ. මම ඒත් කිය කිය හිටියේ සිප ගත්තට වැඩක් නෑ. ඒ වගේ දර්ශන රූපවාහිනියේ පෙන්වන්නේ නෑ කියලා. අන්තිමට ඒවත් පෙන්නලානේ.
දන්න කියන අයගෙන් මොන වගේ ප්‍රතිචාරද ලැබුණේ?
මම වැඩ කරන්නෙ මහින්ද මහත්තයට. ඒක තමයි මගේ දේශපාලනේ. ඉතින් හුඟක් අය කියලා තිබුණා "අනේ ඔයා බැන්දේ රන්ජන් රාමනායක නේද? එයා බැන්දා කියලා ඔයාගේ දේශපාලනේ මාරු කරන්න එපා" කියලා. සමහර අය නම් "ගැළපෙන ජෝඩුව" කියලත් කිව්වා. දැන් මේක ලංකාවේ ආන්දෝලනාත්මකම විවාහය වෙලා.
පවුලේ අය මොකද කිව්වේ?
අයියෝ, මගේ නෑදෑයෝ සේරම කලබල වෙලා. එයාලා හතර වටේ කෝල් කර කර කියනවලු "අපි අනූෂට වරදක් කළේ නෑනේ, ඇයි අනූෂා අපිට නොකියා කසාද බැන්දේ" කියලා. තාමත් හුඟක් අය මේක ඇත්ත කියලනේ හිතාගෙන ඉන්නේ.
ඒ ප්‍රතිචාර අතරේ මඩ ප්‍රතිචාර වැදුණු අවස්ථා නැද්ද?
රන්ජන් අයියා දේශපාලනයේ ඉන්න කෙනෙක්නේ. දේශපාලනේදී ජනාධිපති හරි අගමැති හරි වෙන්න බඳින්නම ඕනනේ. ඉතින් රන්ජන් අයියා මාව බැන්දේ ඊළඟ පාර ජනාධිපති වෙන්න කියලා සමහර අය හිතනවා.
රඟපෑමට විවාහ නොවී ඇත්තටම විවාහ වෙන්න අදහසක් නැද්ද?
අනිවාර්යයෙන්ම විවාහ වෙන්න ඕන. නමුත් ඉතින් විවාහය සැලසුම් කරගන්න තමයි වේලාවක් නැත්තේ. අඩුම තරමේ අගෝස්තු මාසයේවත් බඳින්න ඕන. හැබැයි ඉතින් ස්ටාර් සිටි වැඩසටහන නිසා මට මේ දවස්වල බඳින්නවත් වේලාවක් නෑ.

Post Bottom Ad