සාක්කුවල ඉන්න අය එළියට පෙන්වන 'ඒකා සාක්කුවේ' වේදිකාවට - GOSSIP9.WORLD

Post Top Ad

සාක්කුවල ඉන්න අය එළියට පෙන්වන 'ඒකා සාක්කුවේ' වේදිකාවට

Share This
'ඒකා සාක්කුවේ' කියලා කලඑළි බස්සන්න සූදානම් වන වැඩේ මොකද්ද?
ඒ මගේ අලුත්ම වේදිකා නාට්‍ය. මේ 27 වැනිදා සවස 3.30ට සහ 6.30ට බස්නාහිර පළාත් ශ්‍රවණාගාරයේදී වේදිකා ගත වෙනවා.
'ඒකා සාක්කුවේ' වේදිකා නිර්මාණයෙන් කියන්න උත්සාහ කරන්නේ මොන වගේ දෙයක්ද?

වර්තමානය වෙන කොට මිනිස්සු මුදල මත ජීවත් වෙන්න පටන් අරගෙන තියෙනවා. මුදල නිසා මිනිස්සු තමන් වෙනුවෙන් විකිණෙනවා. තමන් වෙනුවෙන් අනුන්ව විකුණනවා. ඒ වගේම බොරුව කියන දේ සමාජයේ මුල්බැසගෙන තියෙනවා. හැමෝම තව කෙනෙක්ගේ සාක්කුවේ ඉන්නේ. මේ දේ තමයි නාට්‍යයෙන් ප්‍රශ්න කරන්නේ.
ඇත්තටම සමාජයේ අවංක මිනිස්සු නැද්ද?
අවංක මිනිස්සු ඉන්නවා. මානුෂිකව වැඩ කරන අය ඉන්නවා. හැබැයි ඒ අයත් තව කෙනෙක්ගේ සාක්කුවට වැටිලා ඉන්නේ. දැන් අසීමිත අවශ්‍යතා සපුරා ගන්න මිනිස්සු මුදලට යටවෙලා. සියලු දේ බිස්නස් වෙලා. යාළුකම් වුණත් පිරිසුදු යාළුකම් නැහැ. මේවා ප්‍රශ්න කරන්නයි මට ඕනෑ වුණේ.
මේක සමාජයට පහරක්ද?
නාට්‍යයෙන් සමාජයට පහරක් වදිනවද නැද්ද කියන්න බෑ. මේක මගේ ප්‍රකාශනයක් විතරයි. සමාජයේ දකින දේ තමයි ප්‍රකාශනයක් විදියට මේ එළියට එන්නේ.
මේ ප්‍රකාශනය කරන්න සූදානම් වෙන්නේ හාසේ‍යා්ත්පාදක ස්වරූපයෙන්ද?
හාස්‍ය තමයි මේ නාට්‍යයේ මූලික වෙලා තියෙන්නේ.
හාසේ‍යා්ත්පාදක නාට්‍යයක් ලෙස නාට්‍ය කරන්න හිතුවේ ප්‍රේක්ෂකයෝ අල්ල ගන්න පහසු නිසාද?
මොනම නාට්‍යයක හරි පන්ච් තිබ්බේ නැත්නම් ප්‍රේක්ෂකයන්ට පැය කිහිපයක් නිර්මාණයක් එක්ක ඉන්න බැහැ. ඒ නිසා අපිටත් කොමඩි එක්ක නාට්‍ය ප්‍රේක්ෂකයන්ට දෙන්න වෙලා තියෙනවා.
මේ නාට්‍යයෙන් අවසානයේ ප්‍රේක්ෂකයන්ට අරන් යන්න දෙන්නෙ මොකද්ද?
නාට්‍ය බැලුවට පස්සේ තමන්ටත් හිතෙනවා නම් තමනුත් තව කෙනෙක්ගේ සාක්කුවේ ඉන්නවා කියලා ඒකෙන් තමන් පරෙස්සම් වෙන්න ඕනෑ කියලා හිතෙනවා නම් ඒ ඇති. මොකද අපි පරිස්සම් නොවුණොත් විවිධ අයගේ ගොදුරු බවට පත්වෙන්න පුළුවන්.
'ඒකා සාක්කුවේ' එක්ක එකතුවෙලා ඉන්න පිරිස ගැනත් මතක් කරමු?
රංගනයෙන් පුබුදු චතුරංග, සාරංග දිසාසේකර, කුමුදු නිශාන්ත, සරත් චන්ද්‍රසිරි, ජනක රණසිංහ, මම සම්බන්ධ වෙනවා. ඔවුන් චරිත දහ අටක් නිරූපණය කරනවා. නාට්‍ය නිෂ්පාදනය කරන්නේ කුමුදු නිශාන්ත. ඊට අමතරව වේශ නිරූපණයෙන් සුමේද හේවාවිතාරණ, පසුතල නිර්මාණයෙන් රෝහණ හේවාවිතාරණ, වේදිකා පරිපාලනයෙන් චන්දන නිශාන්ත, සංගීතය හා ගීත රචනයෙන් විමලජිත් දොඹගහවත්ත, ඇඳුම් නිර්මාණයෙන් පුෂ්පා සමන්ති සම්බන්ධ වෙනවා.
චරිත දහඅටක් නළුවෝ පස් දෙනෙක් විසින් ඉදිරිපත් කිරීම එක්තරා විදියක අභියෝගයක් නේද?
ඔව්. ඒක අභියෝගයක්. වේදිකාවේ මේ වගේ මැජික් තියෙන්න ඕනෑ. අපි අත්හදා බැලීමක් එක්ක මෙය කරන්නේ. ඒකේ හොඳ නරක ප්‍රේක්ෂකයෝ තීරණය කරයි.
රංගන ශිල්පිනියන් නාට්‍යයේ නැත්තේ ඇයි?
එක ගැහැනු චරිතයක් නාට්‍යයේ තියෙනවා. ඒ චරිතය නිරූපණය කරන්නේ රංගන ශිල්පිනියක්. නාට්‍යයක් ඇතුළේ තවත් නාට්‍යයක් මෙහිදී වෙන්නේ. රංගන ශිල්පියෙක් කාන්තා චරිතයක් නිරූපණය කළාට අවුලක් නෑ. ඒ නිසා ශිල්පියෙක්ම ඒ චරිතයටත් සම්බන්ධ කර ගත්තා.
ජනප්‍රිය මාධ්‍යවලට එන සමහරු වේදිකාව අමතක කරද්දි ඔබ තාමත් වේදිකාවේ ඉන්නවා. මොකද්ද මේ බැඳීම?
මට මගේ ප්‍රකාශනය කරන්න පුළුවන් මාධ්‍ය තමයි වේදිකාව. ඒකයි මම නළුවෙක්, නිර්මාණකරුවෙක් විදියටත් වේදිකාව එක්ක ඉන්නේ. අපි අලුත් වෙන්නේ වේදිකාවත් එක්ක.
වේදිකාවෙන් ඔබ හොයන්නේ සල්ලිද? ආත්ම තෘප්තියද?
වේදිකාවෙන් මම හොයන්නේ ආත්ම තෘප්තිය. මගේ ප්‍රකාශනය ඉදිරිපත් කරලා සජීවීව ඒ මාධ්‍ය ඇතුළේ ප්‍රතිචාර ලබමින් අපි තව දේවල් ඉගෙන ගන්නවා. ඒක ලොකු ආත්ම තෘප්තියක්.
 The Inter Provincial Private Bus Association (IPPBA) President Sarath Vijitha Kumara today said the ongoing island-wide bus strike was successful.

No comments:

Post a Comment

Post Bottom Ad