Why not get invited Sanath Nirosha new film - සනත්ගේ අලුත් චිත්‍රපටයට නිරෝෂාට ආරාධනා ලැබුණෙ නැත්තෙ ඇයි..? - GOSSIP9.WORLD

Post Top Ad

Why not get invited Sanath Nirosha new film - සනත්ගේ අලුත් චිත්‍රපටයට නිරෝෂාට ආරාධනා ලැබුණෙ නැත්තෙ ඇයි..?

Share This
නිරෝෂා රංගනයෙන් සමුගෙනවත්ද?
රංගනයෙන් නම් සමු අරගෙන නැහැ. ඒත් මම රඟපෑවාටත් වැඩිය ජීවිතේ සතුටක් ලබන්නේ අනිත් අය මාව තිරයෙ දකින්න ආසාවෙන් ඉන්න බව දැනගත්තමයි. සමහරු මගෙන් ඇයි ඔයා පේන්න නැත්තේ. ඒ චරිතෙ ඔයා කරයි කියලා හිතුවේ වගේ දේවල් අහද්දී ඒක ලොකු සතුටක්. අනිත් එක නිතරම පේන්න ඉන්න එකටත් මම කැමැති නැහැ. මම හරිම නිදහසේ ඉන්න කෙනෙක්.

ඒ කියන්නේ නිරෝෂාව අපිට ඉදිරියේ චිත්‍රපටවලින් දකින්න ලැබෙයි නේද?
ඔව්. මම චිත්‍රපට 2ක වැඩ කළා. විශ්වා බාලසූරිය නිෂ්පාදනය කළ 'සෙවණැලි' වගේම උදාර අබේසුන්දර අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපටයකටත් දායක වුණා. 2013 රූගත කිරීම් කළ සෙවණැලි චිත්‍රපටය නම් ජාත්‍යන්තර සම්මාන උළෙලවලටත් නිර්දේශ වුණා. මේ චිත්‍රපටය ටික දෙනෙක්ට බලන්න අවස්ථාව ලැබුණා වගේම බොහෝ දෙනාගේ කතාබහටත් ලක් වුණා. තාම ප්‍රේක්‍ෂකයන් අතරට නම් ආවෙ නැහැ.
මේ පාර නිරෝෂා නවකතාවක් පදනම් වුණ චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට සම්බන්ධ වෙලාලු නේද?
ඔව්. සුමිත්‍රා රාහුබද්දගේ 'කන්දක් සේමා' නවකතාව 2008 වසරේ සම්මාන දිනා ගත්ත ජනප්‍රිය නවකතාවක්. මේ කතාවේ නූපා කියන ප්‍රධාන චරිතය ලැබීම නම් මගේ වාසනාවක්. මට පස්සෙ දැන ගන්න ලැබුණා. සමහරු ඒ චරිතය කරන්න කැමැත්තෙන් හිටියා කියලත්. මේ චිත්‍රපටයේ රූගත කිරීම් වැඩිපුරම සිදුවුණේ ජපානෙදී. ලාංකේය යුවතියක් වයසක ජපන් ජාතිකයෙක් එක්ක විවාහ වීමත් සමඟම මුහුණ දෙන සිදුවීම් මාලාවක් මත.
කන්දක් සේ මා චිත්‍රපටයේ ජපන් ජාතිකයකු එක්ක රඟපෑම ලෙහෙසිද?
ඔව් මේ චිත්‍රපටයේ රූගත කිරීම් 99%ක්ම සිදුවුණේ ජපානෙදී. මගේ සැමියා විදියට රඟපෑවෙත් ජුන්එතෝ කියලා ජපන් ජාතික වේදිකා නාට්‍ය නළුවෙක්. කලින් ඉඳන් මම ජපන් භාෂාව දන්න නිසා ඒ අයත් එක්ක වැඩ කරන්නත් මට ලේසි වුණා. ඒවගේම ජපන් භාෂාවෙන් තිබුණ ඒ ඉජපඪනබ එක පරිවර්තනය කරලා දුන්නෙ නම් මගෙ නංගි ඉරෝෂා. මට ජපන් කතා කරන්න විතරයි පුළුවන්. ඒත් ඉරෝෂා නම් ඒ ගැන ර්චඵබඥප කෙනෙක්. ඒ නිසා මම ඒකට ඉරෝෂාට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන.
ඒත් නිරෝෂා 'එකමත් එක රටක' චිත්‍රපටයෙන් ගත්ත ගැම්ම දැන් නැති වෙලා වගෙයි.
නැහැ. අදටත් 'එකමත් එක රටක' චිත්‍රපටයෙ මගේ රඟපෑම් ගැන කතා වෙනවා. ඒ නිසා තමයි මම හරියටම තෝරාගෙන දෙයක් කරන්නේ. ඒ චිත්‍රපටයට පස්සෙ මට හොඳ අධ්‍යක්‍ෂවරු කතා කළා. අභියෝගාත්මක චරිත කිහිපයකටම ආරාධනා ලැබුණා. ඒත් මම ලැබුණ පමණින්ම දේවල් භාර ගන්න කෙනෙක් නම් නෙවෙයි. එකම විදියෙ චරිත කීපයක් කරන්නත් කැමැති නැහැ. මම වෘත්තියෙන් රංගන ශිල්පිනියෙක් නෙවෙයි. නිවේදන කටයුතුවලට තමයි මගේ මුල් තැන ලැබෙන්නේ. ඒ නිසා චිත්‍රපටවලට වැඩි වෙලාවක් මට නැහැ.
කතාවෙ විදියට ඇත්ත නූපාව නිරෝෂාටත් මුණගැහුණ නේද?
ඔව්. සුමිත්‍රා රාහුබද්ධගේ 'කන්දක් සේමා' නවකතාවට පදනම් වුණේ ඇත්තම සිදුවීමක්. මේ චිත්‍රපටයේ නූපා කියන ඇත්තම චරිතය මට ජපානෙදී හමුවුණා. ඒකත් හරිම අහඹු සිදුවීමක්.
හැමදාම වැඩසටහන් ර්ථීපඥඵඥදබ කරන්න ගිය නිසා රංගනය මිස් වුණා කියලා හිතෙන්නෙ නැද්ද?
නැහැ. මම කලිනුත් කිව්වෙ නිවේදන කටයුතුවලට තමයි මම මුල්තැන දෙන්නේ. වැඩසටහන් නිසා මම රංගනය මිස් කරපු අවස්ථා නම් තියෙනවා. ඒවා තෝරා ගන්නේ මම ඒ නිසා මම වැඩි වෙලාවක් දෙන්නේ වැඩසටහන් ඉදිරිපත් කරන්නයි. මම මේ ක්‍ෂේත්‍රයට මුලින්ම ආවෙත් ජ්ඪතථ එකකින්. ඒත් අද මම ර්ථීපඥඵඥදබඥප කෙනෙක්.
සනත් ගුණතිලකගේ අලුත්ම චිත්‍රපටයට නිරෝෂාට ආරාධනා ලැබුණාද?
ඒක. ඉතින් මිස්ටර් ගුණතිලකගෙන්ම තමයි අහන්න ඕන.
ඉතින් මේ දිනවල වැඩකටයුතු කොහොමද?
මේ දවස්වල නම් ඩ්චනනර ඩ්ධභප එඪබඩ ව්ඪපධ වැඩසටහන කරනවා. චිත්‍රපටවලටත් ආරාධනා ලැබිලා තියෙනවා. මම ඕභඵර වෙන්න කැමැති කෙනෙක් නෙවෙයි. මම එහෙම වැඩ භාර ගන්නෙත් නැහැ. කරන එක දේ හරියට කරනවා. එතකොට මනසත් නිදහස්නේ. ඒවගේම මම වැඩ බෙදාගෙන මිසක් වැඩ බදාගෙන කරන කෙනෙක් නම් නෙමෙයි.
නිරෝෂාගේ ජීවිතේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?
මගේ ජීවිතේ ඩ්ධනඥඵ නෑ. ඒ නිසා මම මුකුත් ර්ථීතචද කරන්නෙත් නැහැ. මම හෙට දවසමත් ර්ථීතචද කරන කෙනෙක් නෙවෙයි. මම විශ්වාස කරනවා මේ හැමදේම මට ලැබිලා තියෙන්නේ ර්ථීතචද කරලා. මට තියෙන්නේ ඒවට මුහුණ දෙන්න විතරයි. මට පසුතැවෙන්න දේවල්වත් ලබාගන්න දේවල්වත් නැහැ. ඒ නිසා මම ණයත් නැහැ බයත් නැහැ. මම හරිම නිදහස් කෙනෙක්.

No comments:

Post a Comment

Post Bottom Ad