අරුමවන්ති නිසා සතුටු වෙන විරාජ් සිත් රිද්ද ගත්තේ මොකටද? - GOSSIP9.WORLD

Post Top Ad

අරුමවන්ති නිසා සතුටු වෙන විරාජ් සිත් රිද්ද ගත්තේ මොකටද?

Share This
මේ දවස්වල වැඩිපුරම ඉන්නේ සතුටින්ද අසතුටින්ද?
මේ දවස්වල රැකියාවේ වැඩයි රංගන වැඩයි නිසා කාර්යබහුලයි. අරුමවන්ති ටෙලි නාට්‍යයත් මේ දවස්වල විකාශය වෙනවනේ. ප්‍රවීණයෝ පිරිසක් එක්ක හොඳ නිර්මාණයකට දායක වෙන්න ලැබුණා. ඒ ගැන සතුටින් ඉන්නේ.

කාලෙකට පස්සේ නේද ප්‍රධාන චරිතයකට සම්බන්ධ වෙන්න ලැබුණේ?
ඔව්. අවුරුදු තුනකට පස්සේ තමයි ප්‍රධාන චරිතයකට සම්බන්ධ වුණේ.
ටෙලි නාට්‍යවල ප්‍රධාන චරිතවලටම වෙන් කරගත්ත නළුවෝ පිරිසක් ඉන්නවනේ. ඒ නළුවෝ අතහැරලා විරාජ්ට ප්‍රධාන චරිතයකට චාන්ස් එක ලැබුණේ කොහොමද?
සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මිය තමයි මට ආරාධනා කළේ. මේක වෙනස් හොඳ වැඩක්. ඉතින් මම ඒ ආරාධනාව කැමැත්තෙන්ම භාර ගත්තා.
මියුසික් වීඩියෝ කර කර ඉඳලා ආයෙම ටෙලි නාට්‍යවලට අඩිය තියන්න හිතුවේ?
මම මියුසික් වීඩියෝ සෑහෙන ප්‍රමාණයක් කළා. ඉතින් මට තව ස්ටෙප් එකක් ඉස්සරහට තියන්න ඕන වුණා. ඒකයි මියුසික් වීඩියෝවලට සීමා නොවී ටෙලි නාට්‍ය පැත්තෙන් ප්‍රධාන වැඩකට අතගැහුවේ.
කාලෙකට පස්සේ ප්‍රධාන චරිතයක පේන්න ඉන්න එක ගැන විරාජ්ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ගොඩක් අය මට කිව්වා මට ඛ්ඩචදඨඥ එකක් ගන්න කියලා. ඉතින් මම හරිම කාලේ ඛ්ඩචදඨඥ එකක් අරන් හරි උත්තරය දුන්නා. ඇත්තටම ලැබෙන ප්‍රතිචාර නම් හොඳටම හොඳයි.
ඉසුරි එක්ක පුංචි තිරයේ පෙම් කරන්න පහසුද?
ඉසුරි පුංචි කාලේ ඉඳන් ඇක්ට් කරලා තියෙනවා. අපි හරි යාළුයි. ඉසුරි එක්ක වැඩ කරන්න පහසු වුණා. ඒ නිසා එයාට තිරයේදී පෙම් කරන්නත් ලේසි වුණා.
මේ දවස්වල විරාජ්ට ටෙලි නාට්‍යවලට ආරාධනා ගලාගෙන එනවලු නේද?
දැනටම මට ටෙලි නාට්‍ය තුනකට ආරාධනා ලැබුණා. ටෙලි නාට්‍යවලට හොඳ ඉල්ලුමක් නම් හැදිලා තියෙනවා.
එහෙනම් ඉස්සරහට පුංචි තිරයේ දිගටම දකින්න ලැබෙයි?
මට එක දිගට පේන්න ඉන්න අවශ්‍යම නැහැ. මම කොහොමත් රැල්ලට දුවන කෙනෙක් නෙවෙයි. මම මගේ දියුණුව ගැන විතරක් හිතුවා නම් රැල්ලට දුවන්න තිබ්බා. හැබැයි මට එහෙම කරන්න අවශ්‍ය නැහැ. මම අරුමවන්ති කරලා ඉවරවෙලා තමයි ඒ වැඩවලට සම්බන්ධ වෙනවා නම් සම්බන්ධ වෙන්නේ.
දැන් මියුසික් වීඩියෝ අතහරියිද?
මියුසික් වීඩියෝ අතහරින්නේ නැහැ. වෙලාව තියෙන විදියට තෝරගෙන කරනවා.
අරුමවන්ති ගැන සතුටින් වුණාට දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙලට ආරාධනා නොකරපු නිසා අසතුටින්ලු නේද?
දෙරණ මියුසික් වීඩියෝ අවෝර්ඩ් උළෙලට ආරාධනා නොකරපු එක ගැන නම් හිත රිදීමක් තියෙනවා.
දෙරණ විරාජ්ව මිස් කළාද? දෙරණට විරාජ්ව මිස් වුණාද?
ඒක දෙරණෙන් තමයි අහන්න ඕන. මොකද සාමාන්‍ය අයටත් උළෙලට ආරාධනා කරලා තිබ්බා. මේක මියුසික් වීඩියෝ අවෝඩ්ස් සම්මාන උළෙල. මියුසික් වීඩියෝවල වැඩිපුරම ඉන්න අය අතරේ ධනුක, දසුන්, මම ඉන්නවා. ඉතින් එහෙම තත්ත්වයක මාව අමතක වුණාද අමතක කළාද කියලා මම දන්නේ නෑ. දෙරණේ සංවිධායක මණ්ඩලය තමයි ඒක දන්නේ.
විරාජ්ට කුඩම්මාගේ සැලකිලි ලැබුණට සමාජ මාධ්‍ය සමහර කලා ශිල්පීන් විරාජ්ට ඒ වගේ සැලකිල්ලක් දීම ගැන සමාජ මාධ්‍යවල කතා කරලා තිබුණා නේද?
ඔව්. ඒ වෙනුවෙන් පෝස්ට් හැදිලා තිබුණා. ඒ වගේම ලංකාවේ පිළිගත් අධ්‍යක්‍ෂවරියක් වන ඉනෝකා සත්‍යාංගනි මහත්මිය කියලා තිබුණා ශක්තිමත් වෙන්න. ඔයාව රිජෙක්ට් කරපු අයට ටැලන්ට් එක පෙන්නන්න කියලා. ඇගේ ඒ ප්‍රකාශය මට සම්මානයක් ලැබුණටත් වඩා වටිනවා. මොකද ඇය එහෙම දෙයක් කියන්නේ මගේ යම් දෙයක් දැකලා තියෙන නිසානේ. ඒ වගේම සීනියර් ආටිස්ලා කියලා තිබ්බා මේ වගේ දේවල්වලින් තව ධෛර්යවත් වෙන්න කියලා. මට ඒ දේවල් වටිනවා.
වැඩිපුරම අසතුටු වෙන්නේ සම්මාන නැති එක ගැනද උළෙලට ආරාධනා නැති වුණ එක ගැනද?
සම්මානයක් නැති වුණත් උළෙලට ආරාධනාවක්වත් නොකරන්න මාව මිස් කරපු එක ගැන දුකක් නෙවෙයි සිත් රිදීමක් තියෙනවා.
විරාජ්ගේ ඊළඟ ස්ටෙප් එක සිනමාව වෙයිද?
මගේ ඊළඟ අඩිය ගැන ලොකු බලාපොරොත්තුවක් නැහැ. කාලයත් එකක් හොඳ දෙයක් කරනවා. හැබැයි කාටවත් කඩේ යන්නේ නෑ. හිමින් යන මගේ ගමනෙදි යම්කිසි දවසක සිනමාවත් මට මුණ ගැහෙයි. එදාට මම අනෙක් නිර්මාණවලට කරන සාධාරණයම ඒ වෙනුවෙනුත් කරනවා.
තිලිණි කෞශල්‍යා විජේසිංහ

No comments:

Post a Comment

Post Bottom Ad