සෝමරත්න දිසානායක 'සරිගම' චිත්‍රපටයේ මාලිනීව සහාය නිළියක් කළේ ඇයි? - GOSSIP9.WORLD

Post Top Ad

සෝමරත්න දිසානායක 'සරිගම' චිත්‍රපටයේ මාලිනීව සහාය නිළියක් කළේ ඇයි?

Share This
ඉතින් කාලෙකට පස්සේ ළමයින්ව මතක් වුණේ?
මම එදා ඉඳන්ම ළමයි ගැන ළමා පරපුර ගැන අවදියෙන් ඉන්න කෙනෙක්. සරිගම චිත්‍රපටය මගෙ නවවැනි අධ්‍යක්ෂණය.
හැබැයි නවවැනි අධ්‍යක්ෂණය කොපියක් කියලා කතාබහකුත් යනවනෙ?
ඔව්. මේක කොපි චිත්‍රපයක් නෙවෙයි. මරියා වොන්ට්‍රැප්ගෙ සවුන්ඩ් ඔෆ් මියුසික් චිත්‍රපටයෙ අනුවර්තනයක් විදියටයි සරිගම අධ්‍යක්ෂණය කළේ. ගොඩක් අය මම මේ වගේ ෆිල්ම් එකක් කළාම එක එක කතා කියයි. ඒත් මම විශ්ව සාහිත්‍යයේ එන කතාවක් චිත්‍රපටයකට නඟන එක කාලීන අවශ්‍යතාව කියලා හිතුණා.

ඒ වුණාට අපිට ආරංචි සරිගම හැදුවෙ සෝමරත්නට මිස් වුණ අයව අල්ලගන්නලු?
එහෙම එකක් නෑ. දැන් වෙද්දි එක එක රැලි එනවනෙ. මම ළමා රැල්ලෙ චිත්‍රපට ගෙනාවට පස්සෙ පෝලිමට ළමයි දාලා චිත්‍රපට හැදුණා. කෝ සාර්ථක වුණාද?
ඔබ ඒ තුළ යම් දෙයක් කළා කියලද ඔය නොකියා කියන්නේ?
මම හිතනවා මං තවත් දෙයක් ඒ කියන්නේ යටිපෙළක් කතා කළා කියලයි. සරෝජා චිත්‍රපටයේ ජනවාර්ගික අර්බුදය... චිත්‍රපටයෙදී වීදි දරුවෝ ගැනත් කතා කළා.
ඒත් විදෙස් අනුවර්තනයකින් ඔය දේවල් සිදු කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවද?
'සරිගම' මගේ එම්.ඒ. උපාධිය සඳහා කළ තිර පිටපතයි. එහිදී මුල් කතාව තුළ තිබ්බ ගැඹුර තේරුම් ගත්තා. ඉතින් එහි සෞන්දර්යාත්මක දේ තුළින් යමක් ගේන්න පුළුවන් කියලා හිතුණා.

ඉතින් සෝමරත්න දිසානායක කොපිකාරයෙක් කියලා කෙනෙක් කිව්වොත්?
බර්ට්‍රෝල් බේ‍රෂ්ට්ගෙ කතාව ඇසුරෙන් හෙන්රි ජයසේන හුනුවටයේ නාට්‍ය හැදුවා. එහෙනම් හෙන්රි ජයසේනත් කොපිකාරයෙක්. කාටවත් එහෙම චෝදනා කරන්න බෑ. සුගතපාල ද සිල්වාගේ මරාසාද් ඒකත් කොපියක් වෙන්න එපැයි. ඔය කොහොම වුණත් අමු අමුවේ හින්දි චිත්‍රපට කොපි කරන අයත් නැතිවම නෙවෙයි.
එතකොට මේ වෙනකොට ලාංකේය සිනමාවට වැඩි බලපෑමක් එල්ල කරන්නේ ඒ අයද?
ඒක වෙනස් වෙන්න පුළුවන්. ප්‍රසන්න, අශෝක, උදයකාන්ත, විමුක්ති, බෙනට් මේ හැම නිර්මාණකරුවකුගේම නිර්මාණ සුවිශේෂයි. ඒ හැම චිත්‍රපටයක්ම තිබිය යුතුයි.
වත්මන් චිත්‍රපටකරුවෝ තමන්ගේ චිත්‍රපටය බලන්න එන අයට තෑගි බෝගත් දෙනවලු නේද?
මම නම් ඒ දේට විරුද්ධයි. අල්ලස් දීලා චිත්‍රපට බලන්න ගෙන්වගන්න එක හරිම ප්‍රාථමික ක්‍රමයක්. ඒ වගේ බාල වැඩ හින්දා හොඳ සිනමාවක් හැදෙන එකට ලොකු බලපෑමක් තියෙනවා.
ඔබේ චිත්‍රපටවල එකම ළමයි සෙට් එකක් ඉන්නෙ ඇයි?
සරිගම චිත්‍රපටයේ ඉන්නෙ අවුරුදු 3 ඉඳන් හත වෙනකම් ළමයි. සිරි පැරකුම් චිත්‍රපටයේ ප්‍රමුද්‍රිත (ගමේ කොල්ලා), සිනෙති (කළු එතන) මගේ චිත්‍රපටයේ රඟපානවා. ඔය ප්‍රවීණ, ආධුනික ළමා කවුරුත් මගේ පරීක්ෂණයෙන් සමත් වෙන්න ඕනෑ.
ඔබේ සරිගම චිත්‍රපටයේ මාලිනී ෆොන්සේකාව සහාය නිළිය කළේ ඇයි?
එයාට ගැළපෙන ප්‍රධාන චරිතයක් සරිගම චිත්‍රපටයේ තිබුණෙ නෑ.
ඔබේ මීළඟ චිත්‍රපටය තරමක් ආන්දෝලනාත්මකයි කියන්නෙ?
ඔව්. මගේ ඊළඟ චිත්‍රපටය අන්ඩර් පෑන්ට්. එකෙ කතාව මානසික ආබාධයක් තියෙන පිරිමියෙක් ගැනයි කියැවෙන්නේ.
ඉතින් ඔය වැඩේට ජනප්‍රිය නළුවෙක් එකපයින්ම කැමැති වුණාලු නේද?
අන්ඩර් ෆෑන්ට්වල ප්‍රධාන චරිතය කරන්නෙ පුබුදු චතුරංග.
ඔබේ චිත්‍රපට අධ්‍යක්ෂණ දිවියට රේණුකා බාලසූරියගෙන් ලැබෙන සහය?
ඇය මගෙ බිරිය නොවන්න මට මෙච්චර සාර්ථක වෙන්න බෑ. මගේ හැම දේම හොයලා බලනවා. චිත්‍රපට වැඩ වගේ ඕවා හැමදෙයක්ම කරන්නෙ රේණුකා.

No comments:

Post a Comment

Post Bottom Ad