I Can't Go To Miss Sri Lanka Any Day - Kaushalya - GOSSIP9.WORLD

Post Top Ad

I Can't Go To Miss Sri Lanka Any Day - Kaushalya

Share This
රූමත් බව නිසාම නිරූපණ ක්‍ෂේත්‍රයට දොරටුව විවර වුණත් ප්‍රතිපත්තිමය කාරණා මත ක්‍ෂේත්‍රයේ බොහෝ තැන් ඇයට මඟ හැරෙනවා. නමුත් ප්‍රතිපත්ති සමඟ එකඟ වෙන ඕනෑම තැනකදී තම දක්‍ෂතා පෙන්වන්න ඇය පසුබට වන්නේ නැහැ.
නිරූපණ ක්‍ෂේත්‍රයට අවතීර්ණ වෙන්නේ කොහොමද?
මාව දැකපු ඒ ක්‍ෂේත්‍රයට සම්බන්ධ කිහිප දෙනෙක්ම මාව මනාලියන් දැක්ම වැඩසටහන් කීපයකටම තෝරාගත්තා. ඒ හරහා දැන හඳුනාගන්න ලැබුණු අය සහ ලැබුණු අවස්ථා හරහා මම නිරූපණ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වුණා.

නිරූපණ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තිබුණද?
ඔව්, කැමැත්තක් තිබුණා. නමුත් මම මුලින්ම මගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කාලය වෙන් කළා. උසස් පෙළ විභාගය ලියලා ඉවර වෙලා තමයි මම නිරූපණ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වුණේ.
මෙවැනි ක්‍ෂේත්‍රයක් තෝරා ගැනීම ගැන ගෙදරින් ලැබුණේ මොන වගේ ප්‍රතිචාරයක්ද?
මුලදී තාත්තා අකැමැති වුණා. ඒත් මම බ්‍රයිඩ්ල්වලට විතරක් සම්බන්ධ වුණු නිසාත්, ෆැෂන් මොඩ්ල් කෙනෙක් නොවුණු නිසාත් මේ ක්‍ෂේත්‍රයේ ඉන්න මට තාත්තාගේ ආශීර්වාදය ලැබෙනවා.
සෑම නිරූපණ ශිල්පිනියක්ම බිකිනිය ඇඳිය යුතුද?
එහෙම නැහැ. ඒක තමන්ගේ ප්‍රතිපත්තිය මත තීරණය වෙන දෙයක්. මම කවදාවත් බිකිනි මොඩ්ල් කෙනෙක් වෙන්නේ නැහැ. ඒ තීරණය මම අරගෙන ඉවරයි. කවුරුත් අපිට බලෙන් ඇඳුම් අන්දවන්න එන්නේ නැහැ. අඳිනවද නැද්ද කියන එක අපේ තීරණයක්.
මිස් ශ්‍රී ලංකා තරගය සඳහා යන්න අදහසක් තියෙනවද?
නැහැ. මට මිස් ශ්‍රී ලංකා යන්න බැහැ. මොකද මම මුලින් කිව්වා වගේ ප්‍රතිපත්තියක් විදියට මම බිකිනි අඳින්නේ නැහැ. නමුත් ඒ තරගවලට යන අය බිකිනිය අඳින එක වරදක් නෙවෙයි. ඒ ඇඳුම අඳින්නේ සිරුරේ හැඩය සහ පැහැය පෙන්වීමටයි. ඒක ඒ තරගයේ අවශ්‍යතාවක්. ඒ නිසා අනිත් අය එවැනි විලාසිතා කිරීම ගැටලුවක් නෙවෙයි.
ඒ නිසාම ඔබට අන්තර්ජාතික නිරූපණ තරගාවලි මඟහැරෙයි නේද?
ඔව්, ලංකාවට අන්තර්ජාතික ජයග්‍රහණයක් අරගෙන එන්න මගෙත් ලොකු ආසාවක් තියෙනවා. ඒත් මම හිතන්නේ මම හිතන විදිය සහ මගේ ප්‍රතිපත්ති මත මට එවැනි ජයග්‍රහණයක් අරගෙන දෙන්න බැරි වෙයි. ඒ තරගවලදී කළ යුතු දේවල් බොහෝමයක් තියෙනවා. නමුත් ඒ සමහර දේවල් මට කරන්න බැහැ.
නිරූපණ ශිල්පයේ ඉදිරියට යන්න ඒ ප්‍රතිපත්ති බාධාවක් නෙවෙයිද?
නැහැ. මම ළඟදී ජා ඇළ කේ සෝන් හි පැවැති ට්තධමඥ ශ්‍රී භඥඥද අවසන් මහා තරගයෙන් ජය ගත්තා. එතැනදී ඒ අය එවැනි විලාසිතා සඳහා අපට බලපෑම් කළේ නැහැ. ඒ නිසා එවැනි තරග තෝරා බේරාගෙන මම මගේ ගමන යනවා.
විද්‍යුත් මාධ්‍ය ක්‍ෂේත්‍රයේ වැඩකටයුතු සඳහා ආරාධනා ලැබුණද?
ඔව්, ගීත රූප රචනාවකට ආරාධනා ලැබුණා. ඒ නිසා ඒකට සම්බන්ධ වුණා. නමුත් තවම රිලීස් වුණේ නැහැ. දැන්වීම්වලටත් ආරාධනා කළා. ඒත් තෝරා බේරාගෙන හැමදේටම සම්බන්ධ වෙන්න අදහස් කරගෙන ඉන්නවා.
කෞෂිගේ ජීවිතයේ විශේෂ පුද්ගලයෙක් ඉන්නවද?
ඉන්නවා. මගේ මේ හැම වැඩකටයුත්තකටම එයාගෙන් ලොකු සහායක් ලැබෙනවා. ඒක හිතාගන්න බැරි විදියේ උදව්වක්.
පවුලේ තොරතුරු මොනවද?
මට ඉන්නේ අම්මයි, තාත්තායි, නංගියි විතරයි. නංගි දැන් විවාහ වෙලා ඉන්නේ.
ක්‍ෂේත්‍රය ගැන හැදෑරීමක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද?
හැදෑරීමක් කියලා ලොකු දෙයක් කරන්න එහෙම අදහසක් නැහැ. නමුත් නිරූපණ ක්‍ෂේත්‍රයේම දිගටම රැඳිලා ඉන්න කැමැත්තක් තියෙනවා.
චිත්‍රපට හෝ ටෙලි නාට්‍ය හරහා රංගනයට පිවිසෙන්න අදහසක් නැද්ද?
රඟපාන්න මම හිතන්නේ මට හැකියාවක් හෝ දක්‍ෂතාවක් නැහැ. ඒ නිසා චිත්‍රපට හෝ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න අදහසකුත් නැහැ.
ඉදිරි බලාපොරොත්තු මොනවද?
මේ ක්‍ෂේත්‍රයේ අපිට හැමදාම ඉන්න බැහැ. කාලෙත් එක්ක අපේ ලස්සන වියැකිලා යනවා. ඒ නිසා පුළුවන් කාලයක් මම මේ ක්‍ෂේත්‍රයේ වැඩකටයුතු කරන්න ඕන. එයට අමතරව පෞද්ගලික ජීවිතය ගැනත් හිතනවා.

No comments:

Post a Comment

Post Bottom Ad