Rohani's DVD Life Gone Wrong - GOSSIP9.WORLD

Post Top Ad

Rohani's DVD Life Gone Wrong

Share This
රොහානි කාටද ෆේස්ටු ෆේස් වුණේ?
ෆේස් ටු ෆේස් මම මේ දවස්වල රඟපාන ෆිල්ම් එකනෙ. හර්ෂ උඩකන්ද ෆේස්ටු ෆේස් හරහා මාව වෙනමම තැනකට ගෙන යනවා.
මේ චරිතයත් තරමක් තරහ යන චරිතයක්ද?
චක්‍රාංගි ටෙලිනාට්‍යය කරලා ඉවර වුණාට පස්සේ කිඳුරංගනා නාට්‍යය ලැබෙනකන්ම මට විවිධ චරිත ලැබුණා. මොනවා කරන්නද කිඳුරංගනා නාට්‍යයට පස්සේ හැමදේම වෙනස් වුණා.

ඔය අතරින් පතර චිත්‍රපටවල රඟපෑවට සිනමාවෙදි රොහානි ලොකු හිට් එකක් වුණේ නෑ නේද?
චිත්‍රපට කිහිපයක රඟපෑවා. මං ටෙලි නාට්‍යවලින් ආපු හින්දාද කොහෙද කාගෙන්වත් සැලකිල්ලක් නෑනෙ.
ඉතින් දැන් ක්‍ෂේත්‍රයට ඇවිත් කාලයක් වුණානේ ස්ථාවරත්වයක් ගොඩනඟා ගන්න බැරි වුණාද?
මං ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයේ නම් ස්ථාවරයි. ඒත් සිනමාවට මාව අගයක් නෑනෙ.
චිත්‍රපට ලැබෙන්නෙ යාළුමිත්‍රකම්වලට කියන කතාව ඇත්තද?
ඔය නිර්මාණවලට කතා කරන විදියට නම් මට හිතෙන විදියට ඒ කතාව ඇත්තක් කියලා හිතෙනවා. එහෙම වෙන එක නම් වැරැදියි.
එහෙම චිත්‍රපට වලට අඬගැහුවේ නෑ කියලා ඩී.වී.ඩී.වල රඟපාන්න ගිහින් රොහානිට ලොකු අලකලංචියක් සිද්ධ වුණාලු නේද?
ඒක නම් කියලා වැඩක් නෑ වස විලිලැජ්ජාවක් වුණේ.
හරි වෙච්ච දේ ලියන්න පුළුවන් විදියට කියන්න කෝ?
පසුගිය දවස්වල මම ඩී.වී.ඩී. චිත්‍රපට දෙකක රඟපෑවා. එහෙම රඟපාන්න ලැබුණු චිත්‍රපටයකට කොටසක් එක්තරා ලිංගික ජවනිකා අඩංගු වෙබ් අඩවියක පළ වෙලා තිබ්බා. මං ඒ ගැන ගොඩක් අප්සෙට් එකෙන් ඉන්නෙ.
ඉතින් රොහානි ඒ ඩී.වී.ඩී. ජවනිකාවල පෙනී හිටි දර්ශන දැකලා කවුද මුලින් කීවේ?
ක්‍ෂේත්‍රයේ එක්තරා මිතුරියක් මට ඒ ලින්ක් එක එවලා තිබුණා. ඒක බලපුවහම මගෙ ඇඟත් එක්ක හීතල වෙලා ගියා.
ඇයි එච්චරටම අවුල්ද?
ඒකනේ කියන්නේ මට නම් හිතාගන්නවත් බෑ.
රොහානි ඇත්තටම ඒ වගේ දර්ශනවලට පෙනී හිටියනෙ?
මේකනේ මම නිළියක්. අනෙක ඒ ජවනිකාවෙ මගෙ කකුලයි ශරීරයයි වැඩිපුර නිරුවත් වෙනවා පෙන්වලා තියෙනවා. කවුරු මේ කරනවාද මන්දා. ඒකේ වැඩිය පෙනුණේ නෑ.
ඒ අනෙක් අසභ්‍ය දර්ශනවල රූගත කරන තැන රොහානි හිටියද?
නෑ. කපල් එකක් ඉන්නවා ඒ හැම චිත්‍රපටවල රඟපාන
මේ ඩී.වී.ඩී. චිත්‍රපටයට සම්බන්ධ වුණු පාර්ශ්වය ඒ ගැන කියන්නේ මොනවද?
ඒ අයට මම කතා කළා. ඒ ගොල්ලෝ කියන්නේ ඩී.වී.ඩී. එක ගත්ත කෙනෙක් වීඩියෝ එක අසභ්‍ය ජවනිකා තියෙන වෙබ් අඩවියකට අප්ලෝඩ් කරන්න ඇති කියලා. මමත් ඔය ඩී.වී.ඩී. එකේ රඟපෑවේ අඳුනනකමට. ඉතින් ඔහොම දෙයක් වෙයි කියලා කවුද හිතුවේ.
යාළුකමට වැඩකරලා රොහානි හොඳටම මට්ටු වෙලාද ඉන්නෙ?
ඔව්. ආයෙමත් යාළුකම්වලට වැඩ කරන්නෙ නෑ. මේ මට්ටුව හොඳටම ඇති.
ඒ අය ගැන නීතිමය පියවරක් ගන්නේ නැත්තේ ඇයි?
ඒ ගොල්ලෝ යාළුවෝ හින්දා කිසිම පියවරක් ගන්න බෑනේ.
තමන්ගේ ප්‍රාසාංගික හැකියාවෙන් මීට වඩා වැඩ ගත්තොත් නරකද?
ඔව්. තව හිතලා බලන්න ඕන. ළඟදි වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙනවා.

 A four-member delegation from the European Parliament will be in Sri Lanka from October 31 to November 3 to check out the ground situation as a precursor for a successful GSP+ application, the Office of the European Union (EU) Delegation to Sri Lanka and the Maldives said.
The delegation will be arriving in Sri Lanka in the wake of the visit undertaken by Prime Minister Ranil Wickremesinghe to Brussels in Belgium.

No comments:

Post a Comment

Post Bottom Ad