මධුරි-ශ්‍රී දේවි-කරිෂ්මා පනහෙන් පස්සෙත් දහ අටයි වගේ ඉන්නෙ කොහොමද..? - GOSSIP9.WORLD

Post Top Ad

මධුරි-ශ්‍රී දේවි-කරිෂ්මා පනහෙන් පස්සෙත් දහ අටයි වගේ ඉන්නෙ කොහොමද..?

Share This
ශ්‍රී දේවිට දැන් වයස අවුරුදු පනස් තුනක්. මධුරිට හතළිස් නවයක්. පනහට ආසන්න වූ විට සාමාන්‍යයෙන් අපේ මතකයට නැඟෙන්නේ දරුවන්ගෙන් දරුවන් සිටින මුහුණ වැහැරී ගිය බඩ ඉදිරියට නෙරා ආ මහලු වියේ ලකුණු පෙන්වන කාන්තාවක්. නමුත් මධුරිව, ශ්‍රී දේවිව දැක්කම කාටවත්ම ඒ වගේ ලක්‍ෂණ පෙනෙන්නෙ නැහැ.
මුහුණට නම් මේක් අප් කරලා ඇති කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් වයස අවුරුදු පනහක කාන්තාවකට මේක් අප් කළාම ඇත්තටම ඇගේ පෙනුම කොහොම වෙයිද?
ඒ විතරක් නෙවෙයි. එදා වයස අවුරුදු විසි පහේදි තිහේදි කළ නර්තනය හා සමානව අදටත් මොවුන් නර්තනයේ යෙදෙන අයුරු සජීවීව දකින්න පුළුවන්. ඔවුන්ගේ සිරුරේ ඒ හැඩයට තවමත් වයස අවුරුදු පනහක් වී ඇති බව කාටවත් කියන්න පුළුවන්ද? මධුරි, ශ්‍රී දේවි තරම් වයස නොවුවත් කරිෂ්මාටත් දැන් වයස 42ක්. ඒත් සිරුරේ හැඩයට තවම තිහක්වත් කියන්න බැහැ.
මුහුණේ තරුණ පෙනුම, සිරුරේ නම්‍යශීලී යොවුන් හැඩය රැකගැනීමේ රහස් මොනවා විය හැකිද? ආහාර, ජලය, පෝෂණ අතිරේක හොඳින් ගන්නා අයකුට තරුණ පෙනුම රැක ගැනීමට හැකි බව රහසක් නොවෙයි. නමුත් පනහේදිත් දහ අටයි වගේ පෙනෙන්න නම් එහි ලොකු රහසක් තිබිය යුතුයි. මේ රහස සෙවූ බොලිවුඩ් මාධ්‍යවේදීන් අවසානයේ එය හෙළිදරව් කරගෙන තිබෙනවා. කිරණ මඟින් සිදුකරන සමේ ශල්‍යකර්මයක්, සිලිකන් මඟින් සිදුකරන පියයුරු සැත්කමක්, මුහුණේ සම රැලි වැටීම වළක්වන සැත්කමක්, බඩ ඉදිරියට නෙරා ඒම වළක්වන සැත්කමක්, සිරුරේත් පිටුපස පෙදෙසේත් හැඩයට හානිවන ලෙස සම ඇදී ඒම වළක්වන සැත්කමක්, නහය සිහින් කිරීමේ සැත්කමක් ආදී වශයෙන් සැත්කම් රැසක් තුළ තමයි ශ්‍රී දේවිගේ තරුණ පෙනුමේ රහස සැඟවී තිබෙන්නේ.
නමුත් ඇය නම් ඒ බව පිළිගැනීම ප්‍රතික්‍ෂේප කරනවා. ඒ වෙනුවට ඇය කියා සිටින්නේ නිරෝගී ජීවිතය සුන්දරත්වයේ රහස බවයි. යෝග දෛනික ජීවිතයේ අංගයක් බවත් දිනපතා ටෙනිස් ක්‍රීඩාවේ යෙදෙන බවත් ආහාර පාලනය සහ ක්‍ෂණික ආහාරවලින් වැළකී සිටීමට නිතර උත්සාහ ගන්නා බවත් ලස්සන දත් දෙපළක් පවත්වා ගෙන යන බවත් ඇය එහිදී පවසනවා. නමුත් ඇය පසුපස සිටින පැපරාසීන් තොරතුරු වාර්තා කරමින් පවසන්නේ ඇය ඇමෙරිකාවේදී සහ ඩුබායිහිදී එම සැත්කම් සිදුකරගෙන ඇති බවයි.
ශ්‍රීදේවි තම සුන්දරත්වයේ සැබෑ රහස් සැඟවූවාට මධුරි නම් බිය නොවී සත්‍ය පවසා තිබෙනවා. ඇයත් ශ්‍රී දේවි මෙන් නහයේ සිට සිරුරේ සියලු හැඩගැන්වීම් සඳහා ප්ලාස්ටික් සැත්කම් යොදාගෙන තිබෙනවා. වයසට යනවට මං බය නැහැ. මහලු පෙනුමක් මගෙන් දිස්වෙන්න ඕනේ කියලා මං ඉන් අදහස් කරන්නෙත් නැහැ. සුන්දරත්වය රැකගන්න කළ හැකි සියලුම දේ මං කරනවා. ප්ලාස්ටික් සැත්කම් මඟින් ලස්සන වෙනවා කියන එකට මං විරුද්ධ නැහැ. එය හරිම සාර්ථක සැත්කමක්. එහෙම තමයි මධුරි ඇගේ සුන්දරත්වය ගැන කියලා තියෙන්නේ.
සාමාන්‍යයෙන් වයස අවුරුදු තිහ පහුවෙද්දී ඕනෑම තරුණියකගේ පෙනුම වියපත් වීම බාහිරින් පෙනෙන්න පටන් ගන්නවා. හිසකෙස් වැටීම, නළල, බෙල්ල, කම්මුල් රැලි වැටී එල්ලා වැටීම, ඇස් යට ගොස් කළු පැහැවීම, බෙල්ල රැලි වැටී එල්ලා වැටීම යන කරුණු ඕනෑම කෙනෙක්ම ස්වාභාවිකවම ඇති වෙනවා. ඊට අමතරව පියයුරු එල්ලා වැටීම බඩ ඉදිරියට නෙරා ඒම, ඉණ දෙපස මේද තට්ටු තැන්පත් වීම, පිටුපස හැඩය වෙනස් වීම ආදී වශයෙන් ශරීරයේ සියලුම අංග වියපත් වෙන්න පටන් ගන්නවා. බොලිවුඩ් මාධ්‍ය සඳහන් කරන ආකාරයට නම් මධුරිත් මේ සියල්ලම වළකින සැත්කම් කිහිපයක්ම කරලා තියෙනවා.
තරුණකම නැති වීම ස්වාභාවික ක්‍රියාවලියක්. නමුත් සුන්දරත්වය ජීවනෝපාය කරගත් මේ කාන්තාවන්ට තරුණකම නැති වීම කියන්නේ ජීවිතය නැති වීම හා සමානයි. ඒ නිසා ඔවුන් බොලිවුඩයට පය තබන පමාවෙන්ම ප්ලාස්ටික් සැත්කම් කරන්න පුරුදු වෙලා ඉන්නවා".
කරිෂ්මාට බොලිවුඩයේ පටබැඳි තිබූ නම තමයි උඨතර ඤභජඬතඪදඨ (අවලස්සන තාරා පැටියා) නමුත් කෙමෙන් කෙමෙන් කාටත් ඒ නම අමතක වෙන තරමටම ඇගේ පෙනුම වෙනස් වුණා. අවලස්සන තාරා පැටියෙක් ලස්සන හංසයෙක් වුණා කියලා තමයි පසුව කවුරුත් කතා වෙලා තියෙන්නේ. ඒ සුන්දරත්වයේ රහසත් ප්ලාස්ටික් සැත්කම් කියලා තමයි බොලිවුඩයෙන් වාර්තා වෙන්නේ.
මධුරි, ශ්‍රී දේවි, කරිෂ්මා විතරක් නෙවෙයි. බොලිවුඩයේ එදා තරු වගේම වර්තමානයේ තරුත් සුන්දරත්වය රැක ගැනීමට යොදා ගන්නා ප්‍රධානම ආයුධය තමයි ප්ලාස්ටික් සැත්කම්.
ප්‍රියංකා චොප්රා ලෝක රූ රැජනක් බවට පත් වුණාටත් පසුවයි හිතිලා තියෙන්නේ නහය ලස්සන නැහැ කියලා. ඉතින් ඇය නහය ලස්සන කරන්න සැත්කමක් කරලා. ඒ සැත්කම සාර්ථක වුණාට පසුව මුහුණේ හැඩය තවත් ලස්සන කරන්න කියලා ඇය තවත් සැත්කමක් කරලා තියෙනවා. ඒ සැත්කමට පසුව තමයි ඇගේ තොල් පිළිබඳ ආකර්ෂණයක් ඇතිවෙලා තියෙන්නේ. ඊට පසු ඇගේ දෙතොල ගැන ලොව පුරා කතාබහ කරන්න පටන් ගෙන තිබෙනවා.
කරීනා කපූර් කම්මුල් හැඩය වෙනස් කර ගැනීමට ප්ලාස්ටික් සැත්කමක් කර තිබෙනවා. පී්‍රති සින්ටා මුහුණේ රවුම් හැඩය ඕවලාකාර කර ගැනීමටත් ඇහි පිය අලංකාර කරගැනීමටත්, කම්මුල් වළ ගැසීමටත් සැත්කම් කර තිබෙනවා. ඓශ්වර්යා ප්ලාස්ටික් සැත්කම් කර තිබෙන්නේ නහය, තොල් සහ කම්මුල් හැඩ කරගැනීමටයි. කාජල් වරක් මාධ්‍යයටත් ප්‍රකාශ කර තිබෙන්නේ තමන් සම පැහැපත් කර ගැනීමට සැත්කමක් (Skin melanin surgery) කළ බවය. පියයුරු විශාල කර ගැනීමටත්, තොල් සහ කම්මුල් සරාගී කර ගැනීමටත් කන්ගනා සැත්කම් කරගෙන තිබෙනවා. ශිල්පා ෂෙට්ටි දෙවරක්ම නාසය හැඩකර ගැනීමට සැත්කම් කර තිබෙන අතර එහිදී ප්‍රථම වතාවේ එය අසාර්ථක වී ඇත.
ප්‍රධාන වශයෙන් බොලිවුඩයේ ජනප්‍රිය ප්ලාස්ටික් සැත්කම් කිහිපයක් තිබෙනවා. පියයුරු විශාල කිරීමේ සැත්කම, නාසය සැකසීමේ සැත්කම, කම්මුල් හැඩ කිරීමේ සැත්කම, තොල් සරාගී කිරීමේ සැත්කම ඉන් ප්‍රධානයි.

No comments:

Post a Comment

Post Bottom Ad