සුජීවගේ නවකතාවලින් ටෙලි නාට්‍යවලට ආ නදීෂා අවුරුදු පහකට පස්සේ ආපහු එළියට එයි.. - GOSSIP9.WORLD

Post Top Ad

සුජීවගේ නවකතාවලින් ටෙලි නාට්‍යවලට ආ නදීෂා අවුරුදු පහකට පස්සේ ආපහු එළියට එයි..

Share This
නදීෂා කාලෙකට පස්සේ ආපහු දකින්න ලැබෙනවා?
ඔව් මම ආපහු රඟපාන්න ආවේ අවුරුදු 5කට විතර පස්සේ. රංගන ජීවිතේ හොඳම කාලේ තමයි මට රංගනයෙන් අෑත් වෙන්නත් වුණේ. මම විවාහ වෙලා පුතා ලැබුණට පස්සේ අවුරුදු 2 1/2කින් විතර දුවකුත් ලැබුණා. ඇත්තටම පුතා නිසා තමයි මම ලොකු විවේකයක් ගත්තේ. ඒත් එක්කම චූටි දුවත් නිසා අම්මා කෙනෙක් විදියට ඒ ලැබුණ සුන්දර අත්දැකීම ගන්න මම හරිම කැමැත්තෙන් හිටියේ. මේ නිසා මම කාලයක් රංගන කටයුතුවලින් අෑත් වුණා. ඒත් එයාලා දැන් ටිකක් ලොකුයි.
එතකොට දැන් ෂූටින් වැඩවලද?
මං පසුගිය දවස්වල ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙන 'කොළඹ අපි ආවා' ටෙලි නාට්‍යයේත් දියමංකඩ නාට්‍යයේත් වැඩ කටයුතුවලට සම්බන්ධ වුණා. ඉස්සර අපි කතා කරද්දි වගේ නෙවෙයි නදීෂා දැන් පොඩ්ඩො දෙන්නෙක්ගෙ දඟ වැඩ එක්කනෙ ඉන්නේ.....අනේ ඔව් මේ දඟයො දෙන්නත් එක්ක ගත කරන කාලෙනම් හරිම සතුටින් ගෙවෙන්නේ. අයියගෙයි නංගිගෙයි රණ්ඩු බේරිල්ලෙත් ඉවරයක් නැහැ. ඒත් මට අම්මා ගොඩක් උදවු කරන නිසා එයාලව බලාගන්න ලේසියි. අම්මා ළඟින්ම ඉන්න එක මට ලොකු හයියක්.
සැමියාගේ විස්තර කොහොමද? එයත් ක්‍ෂේත්‍රයට සම්බන්ධයිලු නේද?
ඔව්, මගේ සැමියා ස්වර්ණවාහිනියේ ප්‍රධාන විධායක නිෂ්පාදකවරයෙක් විදියට වැඩ කරනවා. එයා අමිල නුවන්. ක්‍ෂේත්‍රය ගැන එයාට අවබෝධයක් තියෙන නිසා මාවත් තේරුම් ගන්නවා. එයා රැකියාවේ කටයුතු නිසා කාර්යබහුලයි. ඒත් වෙලාව ලැබුණම අපි එක්ක කාලය ගත කරනවා. ඒ වගේම මගේ වැඩවලටත් එයා උපරිම නිදහස දීලා තියෙන්නේ.
දැන් රඟපාන්න ආවට කාලයක් කතාව ගියේ රංගනයෙන් ඉවත්වෙලා කියලනේ?
ඔව්. ගොඩාක් අය හිතුවෙ මම ආපහු රංගනයට එන්නෙ නැතිවෙයි කියලා. සමහරු මගෙන් එහෙම ඇහුවා. පුතා ලැබුණට පස්සේ එහෙම හිතුවත් පස්සේ මට හිතුණා මගේ රංගන හැකියාව තියෙන නිසා අපරාදෙනේ කියලා. රඟපාන්න කැමැති නිසා බබාලගේ වැඩත් බැලන්ස් කරගෙන දැන් ඒ වැඩ කරනවා.
ෂූටින්වලට යද්දි පොඩි දෙන්නාත් අම්මත් එක්ක එන්න හදන්නෙ නැද්ද?
අනේ මං තාම නම් එයාලව ෂූටින් කරන තැන්වලට එක්ක ගියේ නැහැ. එහෙම එයාලා මාත් එක්ක යන්න කරදර කරන්නෙ නැහැ. පුතාට දැන් ටිකක් තේරෙන වයස නිසා එයා නම් කියනවා අම්මා ගිහින් එන්න මං ඉන්නම් කියලා.
අම්මගේ රඟපෑම් දැකලා පොඩ්ඩො රඟපාන්න ආසා වෙනවත් ඇති නේද?
පුතා නම් රංගනය පැත්තට කැමති වෙයි කියලා හිතන්න අමාරුයි. ඒත් දුව නම් සින්දු අහනකොට ඩාන්ස් කරනවා. එයාගෙ නම් කැමැත්තක් තියෙන්න පුළුවන්.
පුංචි තිරයෙදි පෙම්වතියගේ චරිතයට වඩා අක්කගේ චරිත කරන්න ලැබුණ එක ගැන දුකකුත් ඇති නේද?
මාව මුලින්ම ප්‍රේක්‍ෂකයෝ දැන ගත්තේ ජීවිතේ ලස්සනයි ටෙලි නාට්‍යයෙන්. ඊට පස්සේ මම රුවන් මාලිගා ටෙලිනාට්‍යයෙ හිටියෙ නෙහාරා පීරිස්ගේ අක්කා විදියට. ඔය කියන්නෙ ඒ ගැන වෙන්න ඇති. ගොඩාක් අයට ඒ චරිතය අදටත් මතකයි. චරිතෙට විතරක් නෙමෙයි නෙහාරා කොහොමත් මගේ නංගි වගෙයි. අදටත් නෙහාරා විදෙස් ගත වෙලා හිටියත් සතියට සැරයක් හරි කතා කරනවා. තාමත් අපි කතා කරන්නෙ අක්කා නංගි කියලා. නම්වලින් නෙමෙයි. රුවන් මාලිගා නිසා අපි අතරේ බැඳීම තවත් වැඩි වුණා.
නදීෂා කාලයක් එක දිගට එකම ප්‍රඩක්ෂන් හවුස් එකක රඟපෑව එක පාඩුවක් වුණේ නැද්ද?
ජීවිතේ ලස්සනයි, රුවන් මාලිගා ටෙලිනාට්‍ය දෙකම නිර්මාණය වුණේ රවින්ද්‍ර අයියා ඒ දවස්වල වැඩ කරපු සුසිල ආයතනයේ. එයාලා මාත් එක්ක හිතවත් නිසා ඒ අයගේ ටෙලිනාට්‍ය චරිතයට මාව ගැළපෙනවා නම් මට කතා කරනවා. මමත් ඒ චරිතෙට උපරිම සාධාරණය කරන්න උත්සාහ කරනවා ඒ නිසා අපිට වැඩ කරන්නත් පහසුයි. දීර්ඝ ටෙලිනාට්‍ය දෙකක් නිසා මට සමහර ටෙලිනාට්‍ය භාරගන්න බැරි වුණා. ඒත් මම ඒ ගැන දුක් වෙන්නෙ නැහැ. මම මගේ චරිතයට උපරිම සාධාරණ කළ නිසා.
මුලින් රඟපාන්න එන්න ලැබුණෙත් සුජීවගේ නවකතාවල ප්‍රධාන චරිතවල කැපී පෙනෙන ශිල්පිනියක් විදියට හිටිය හින්දා නේද?
ඔව් මම උසස් පෙළ ඉවර කළාට පස්සේ තමයි සුජීව ප්‍රසන්න ආරච්චිගේ නවකතාවල ඡායාරූපවලට මට පෙනී ඉන්න අවස්ථාව ලැබුණේ. සුදු අරලිය කියන නවකතාව ගොඩාක් දෙනා අතර ජනප්‍රිය වුණා. ඒකෙ ප්‍රධාන චරිතයටත් මගේ පින්තූර තමයි පළවුණේ. දැන් නම් ඒ ෆොටෝ දැක්කම මමද ඉන්නෙ කියලාත් හිතෙනවා. දැන් මම ගොඩාක් වෙනස් වෙලා නිසා. ඒ කාලේ ගැන මතක් වෙනකොටත් සතුටුයි. ඊට පස්සේ විෂුවල්වලටත් ආරාධනා ලැබුණා.
ඉතින් ඉදිරියෙදිත් දිගටම රඟපානවද?
ඔව්, රඟපෑම් වැඩ කටයුතු නම් මේ දවස්වල කොළඹ අවටම තමයි තියෙන්නේ. මේ අතරේ ගෙදර බබාලගේ වැඩ කරගෙන සැමියගෙ වැඩවලටත් උදවු වෙනවා. පවුලේ වැඩයි රඟපෑම්වල වැඩත් එක්ක හරිම සුන්දර විදියට ජීවිතේ ගෙවෙනවා.
ශාලිකා රංගනී සමරදිවාකර


No comments:

Post a Comment

Post Bottom Ad