දැරියට හදි කළ ගුරුන්ට වැඩ වරදියි - GOSSIP9.WORLD

Post Top Ad

දැරියට හදි කළ ගුරුන්ට වැඩ වරදියි

Share This
ලිංගික අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් කොඩිකාමම් විද්‍යාලයේ විදුහල්පති හා නියෝජ්‍ය විදුහල්පතිනිය ඇතුළු ගුරුවරුන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


යාපනය,කොඩිකාමම්,වාණි මහා විද්‍යාලයේ 11 හැවිරිදි දැරියකට ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විද්‍යාලයේ විදුහල්පති,නියෝජ්‍ය විදුහල්පතිනිය,ගුරුවරයෙකු හා ගුරුවරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඊයේ(20) යාපනය,චාවකච්චේරි මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බැව් යාපනය,කොඩිකාමම් පොලීසිය පවසයි.

කොඩිකාමම් පොලීසිය පැවසූවේ විද්‍යාලයේ විද්‍යා ගුරුවරයා වන 46 හැවිරිදි පුද්ගලයෙකු පාසල් වේලාවෙන් අනතුරුව අමතර පන්ති පවත්වාගෙන යන අවස්ථාවේදි අදාළ දැරිය අවස්ථා ගණනාවකදී අපයෝජනයට ලක්කොට ඇති බවට ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

අදාළ කාරණය සම්බන්ධයෙන් දැරිය සිය යෙහෙළියන්ට පවසා ඇති අතර,එහිදි යෙහෙළියන් සිදුවීම සම්බන්ධයෙන් විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය ඇතුළු ගුරුවරියන් දෙදෙනෙකුට පවසා ඇති අතර,එහිදී අදාළ නියෝජ්‍ය විදුහල්පතිනිය හා ගුරුවරියන් දෙදෙනා සිදුවීම වසන් කිරීමට කටයුතු කොට ඇති බැව් පරීක්ෂණයන්ගෙන් අනාවරණය වි ඇත.

අනතුරුව දැරිය විසින් දෙමාපියන් වෙත අදාළ කාරණය දන්වා ඇති අතර,එහිදි දැරියගේ පියා විද්‍යාලයේ විදුහල්පතිවරයා වෙත සිය පැමිණිල්ල ඉදිරිපත් කොට ඇති අතර,විද්‍යාලයට අගෞරව වන බැව් පවසා විද්‍යාලයේ විදුහල්පතිවරයාද සිදුවීම වසන් කිරීමට කටයුතු කොට ඇත.

එමෙන්ම අදාළ ගුරුවරයා වෙනත් විද්‍යාලයකට තාවකාලිකව මාරු කිරීමටද විදුහල්පතිවරයා කටයුතු කොට ඇති බැව්ද පරීක්ෂණයන්ගෙන හෙළි කරගෙන ඇති බැව්ද ආරක්ෂක අංශ පැවසීය.

අනතුරුව දැරියගේ දෙමාපියන් ළමා ආරක්ණ අධිකාරියට හා පොලීසිය වෙත පැමිණිළි කොට ඇති අතර,එහිදී පොලීසිය විසින් අදාළ විද්‍යා ගුරවරයා වන සැකකරු හා ළමා අපයෝජන සිදුවීම වසන් කිරීමේ වරදට විද්‍යාලයේ විදුහල්පතිවරයා,නියෝජ්‍ය විදුහල්පතිනිය,හා ගුරුවරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බැව්ද පොලීසිය සඳහන් කළේය.

සැකකරුවන් චාවකච්චේරි මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේදි සැකකරුවන් ජුලි මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට චාවකචිචේරි මහේස්ත‍්‍රාත් ශ‍්‍රීමති නන්දසේකරන් මහත්මිය නියෝග කළ බැව්ද පොලීසිය පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad