කොරියානු භාෂා විභාගයට අයදුම්පත් නිකුත් කෙරෙයි - GOSSIP9.WORLD

Post Top Ad

කොරියානු භාෂා විභාගයට අයදුම්පත් නිකුත් කෙරෙයි

Share This



කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අයදුම්පත් 5959ක් පළමු දිනය තුළ නිකුත් කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.



මෙවර පළමු වරට අන්තර්ජාලය හරහා ඔන්ලයින් ක්‍රමයට පවත්වනු ලබන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම ඊයේ(20) දිනයෙන් ආරම්භ වුණි.

දිවයින පුරා මධ්‍යස්ථාන 15ක දී ලබන 23වන දින දක්වා අයදුම්පත් නිකුත් කෙරෙයි.

මේ අතර ඊයේ දිනයේ තංගල්ල මධ්‍යස්ථානයේ අයදුම්පත් නිකුත් කිරීමේ දී සුළු නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ අතර එය අයදුම්කරුවන්ගේ වැරදි අවබෝධය හේතුවෙන් සිදු වූවක් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේය.

විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ සියලුම අයදුම්කරුවන්ට දිවයිනේ ඕනෑම මධ්‍යස්ථානයකින් කිසිදු ප්‍රමාදයකින් තොරව අයදුම්පත් ලබා ගත හැකි බැවින් සන්සුන්කාරීව එම අයදුම්පත් ලබා ගන්නා ලෙසයි.

මේ සඳහා කිසිදු අතරමැදියෙකුට මුදල් නොගෙවන ලෙසත් අයදුම්පත්‍ර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන්ගෙන් පමණක් ලබා ගන්නා ලෙසත් අමාත්‍යවරිය විභාග අපේක්ෂකයින්ගේන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad