ලංකාවට ඇවිත් මනාලියට ඇන්ද මේ ආදරයයි නාට්‍යයේ ‘ඉෂිතා’ - GOSSIP9.WORLD

Post Top Ad

ලංකාවට ඇවිත් මනාලියට ඇන්ද මේ ආදරයයි නාට්‍යයේ ‘ඉෂිතා’

Share This

ඇය වඩාත් පරිත්‍යාගශීලී කාන්තාවකි. මේ කාන්තාව කිසිම දෙයකට කිපෙන තැනැත්තියක නම් නොවේ. ඇය ආදරය කරන්නේ පුංචි රූහිටය. පුංචි රූහිද ඇයට පණ මෙන් ආදරය කරන්නීය. රමන් මේ පරිත්‍යාගශීලී කාන්තාවගේ සැමියාය. එතැනින් එහාට ඇය කවුදැයි කියා ටෙලිනාට්‍ය පේ‍්‍රක්‍ෂක ඔබට අමුතුවෙන් කිවයුතු නැතැයි අපි දනිමු. සිරස දිනපතා ගෙන එන ”මේ ආදරයයි” කතාවේ ඉෂිතා ඇයයි. එහි ඉෂිතා වුවද, ඇයගේ සම්පූර්ණ නම වන්නේ දිව්‍යංකා ත‍්‍රීපතිය.
මේ සුන්දර දිව්‍යංකා පසුගියදා හදිසියේම ලංකාවට පැමිණියාය. ඒ ප‍්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී චම්පි සිරිවර්ධනගේ ”මනාලියන්ගේ මහගෙදර” කොළඹ ශාඛාවේ (නවීකරණය වූ) විවෘත කිරීමේ උත්සවය වෙනුවෙනි. එලෙසින් පැමිණි ඇය චම්පි වෙතින් මනාලියක ලෙස හැඩවීමටද අමතක නොකළාය. දිව්‍යංකා සඳහාම වූ මනාලියක පළඳින සාරි මෝස්තර නිර්මාණය, මල් කළඹ ඇතුළු ස්වර්ණාභරණ සියල්ලම අලූතින්ම නිර්මාණකර තිබිණි. එලෙසින් ලංකාවට ඇවිත් උඩරට සුන්දර මනාලියක ලෙස හැඩවූ දිව්‍යංකා හෙවත් ඉෂිතා ගැන කියැවෙන විස්තරයකි මේ. 
 
DSC_5442
 


ඉෂිතා (දිව්‍යංකා තී‍්‍රපති)


දිව්‍යාංකා උපත ලැබුවේ 1984 වසරේදී ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශයේ බෝපාල්හිදීය. පාසැල් අධ්‍යාපනය නිම කළේ බෝපාල් විද්‍යාලයෙනි. නරේන්ද්‍ර සහ නීලම් ත‍්‍රීපති යුවළ ඇයගේ මාපියන්ය. අයිෂ්වර්යා තී‍්‍රපති සහ ප‍්‍රියංකා තිවාරි සොයුරියන් වෙති. වෘත්තීය රූපවාහිනී රංගන සහ අනෙකුත් වැඩසටහන්වලට දායක වන ශිල්පිණියකි. කෙසේ වෙතත් ඉන්දීය කෝටි ගණනක මහා පේ‍්‍රක්‍ෂකාගාරයක ඇය දිදුලන තාරකාවක් වූයේ, ”යේ හායි මොහබ්බතීන්” හෙවත් ”මේ ආදරයයි” නාට්‍ය මාලාවේ වෛද්‍ය ඉෂීතා රමන් බල්හා චරිතය නිසාය. 

එම චරිතයේදී ඇය වඩා අහිසංක මෙන්ම වඩා තැන්පත් චරිතය වුවද, සාමාන්‍ය ජීවිතයේදී නම් ඇය එසේ නොවූ තැනැත්තියකි. විශේෂයෙන්ම නව යොවුන්වියේදී ඇය බෙහෙවින් ආසා කළේ වඩා ත‍්‍රාසජනක වූ අත්දැකීම් ලබාගැනීමටය. 

”මම කඳු නගින්න සහ ඒ ආශ‍්‍රිත ත‍්‍රාසජනක ක‍්‍රීඩාවලට ආසා කළා. නමුත් මම වඩා දක්‍ෂ වුණේ රයිෆල් වෙඩි තැබීමටයි.” 
 
DSC_5341-Cover
 

එසේ කියන දිව්‍යංකා, නේ්රු අධ්‍යයන ආයතනයෙන් කඳු නැගීම සඳහාවූ පාඨමාලා සහතිකලාභිනියකි. බෝපාල් රයිෆල් හෙවත් වෙඩි තැබීමේ පුහුණු පාසලෙන් මෙන්ම උත්තර්කාෂි පාසලෙන් වෙඩි තැබීමේ පුහුණුව සඳහා සහතික සම්මාන මෙන්ම රන් පදක්කම් ලාභිනියකද වන්නීය. රංගන දිවිය සඳහා ඇය අවතීර්ණ වූයේ ආකාෂ් වානි බෝපාල් නිසාය. වතාවක ඇය රූ රැජින තරගයකට පෙනී සිටි අතර, එහිදී වඩාත් පැහැපත් සම සහිත සිරුර සඳහා වූ අංශයෙන් තේරී පත්වූවාය. ඉනික්බිතිව බෝපාල් කුමාරිය ලෙස (බෝපාල් රූ රැජින ලෙස) 2005 දී ඇය අභිෂේක ලැබුවාය. ඉන්දීය දූර්දර්ශන් ටෙලි ආයතනයේ නිර්මාණයක් සමග කරළියට පැමිණි දිව්‍යංකා ඉන්පසුව සම්මාන රැසක්ම දිනාගනු ලැබුවාය. 

ආදරණීය කතා ෙ මන්ම අභිරහස් කතා පුවත් රැුගත් නිර්මාණවලටද ඇය එක්වූයේ මහත් රුචිකත්වයකිනි. 2013 විකාශය ඇරැුඹි, මේ දක්වා විකාශය කෙරෙන ”මේ ආදරයයි” රඟපෑමට පෙර ඇය දීර්ඝ ටෙලිමාලා දහයකට වැඩි සංඛ්‍යාවකට දායක වී විශාල පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාර මෙන්ම සම්මාන රැසක් ලබාගත් ශිල්පිණියක වූවාය. 

”මේ ආදරයයි” නාට්‍ය මාලාවේ පේ‍්‍රමාන්විත ඉෂිතා සැබෑ ජීවිතයේදී වසර නවයක පමණ පේ‍්‍රමයෙන් බැඳී සිටියේ, තවත් රූපවාහිනී තරුවක්වන ෂාරද් මල්හෝත‍්‍රා සමඟය. එය වේදනාකාරී අඬදබරයකින් නිමාවූ එකක් බවද සඳහන් වේ. කෙසේ වෙතත් මේ දීර්ඝ පේ‍්‍රමයට කුමක්ද වූයේද යන්න තවමත් ඇය නිවැරදිව ප‍්‍රකාශ කර නැත. කෙසේ වෙතත් ඉන්දීය එක්ස්ප‍්‍රස් පුවත්පත හා පැවැති සාකච්ඡුාවකදී ”ඔබ දැන් ප‍්‍රකෘති තත්ත්වයට පැමිණ සිටීද” යන ප‍්‍රශ්නයට ඇය ප‍්‍රකාශ කර ඇත්තේ, ”වෙනසක් යනු ජීවිතයට සුබවන අවස්ථා තිබෙනවා. මම දැන් ගොඩාක් පෙරට වඩා ස්වාධීනයි කියලා හිතනවා මම ඒ පේ‍්‍රමයේදී සුන්දර ගමනක් ගියා, සුන්දර බැඳීමක් අපට තිබුණෙ. මම විටෙක විශ්මයට පත්වුණා, කුමක්ද වූවේ යන්න සිතා. නමුත් .......... මම ගෙදරක සිටි තවත් එක් කාන්තාවක් නෙවෙයි. රංගනය නිසා මට නව ජීවිතයක් ලැබුණෙ. වේදනාකාරී සහ ආරවුලකින් නිමවූ බැඳීමක් තමයි. නමුත් මම අසුබවාදීව කිසි විටෙකත් හිතන්නෙ නැහැ. මෙතැන කිසිම ගනුදෙනුවක් නොවූ විරාමයක් ලෙස හිතන්න මම කැමතියි.”

මේ විදියට නිමාවූ පේ‍්‍රමය ත‍්‍රාසජනක ගමනාන්තයක් බවට ඇය පත්කර ගත්තේ නැවතත්, කඳුමත පාව යන (එල්ලී යන) ක‍්‍රීඩාවට අවතීර්ණ වෙමිනි. කෙසේ වෙතත්, දිව්‍යංකා කිසිවක් නිසා තවදුරටත් පසුතැවීම් නොවන වගනම් කිව යුතුමය.
DSC_5363
 


දිව්‍යංකා ශ්‍රී ලංකාවට ආ හේතුව 


දිව්‍යංකා මෙලෙසින් ශ්‍රී ලංකාවට පැමිණි හේතුව අපි මුලින්ම සඳහන් කළෙමු. ප‍්‍රවීන රූපලාවන්‍ය ශිල්පිණී චම්පි සිරිවර්ධන වෙතින් ඇය මෙලෙස මනාලියක ලෙස හැඩ වූ අතර, ඉනික්බිතිව, මංගල උත්සව ක්ෂේත‍්‍රයේ නිරත ප‍්‍රවිණ සහ වෘත්තීය ශිල්පීන් පිරිසක් සංවිධානය කළ අපූරු ඉසව්වකටද දායක වූවාය. මෙලෙස ක‍්‍රිස්ටල් රිද්මය යටතේ නිමාවූ මනාලියගේ සාරි නිමැවුම් සංකලප්ය චම්පිගේ වන අතර නිමැවුම සරීටා වෙතිනි. තැලි සහ ආභරණ සහ රනින් නිමකළ ස්වරණාභරණ උඩරට මනාලිය සඳහා නිර්මාණයවීමද විශේෂත්වයකි.
හැඩගැන්වීම : චම්පි සිරිවර්ධන
 
DSC_5509 SAN_2040

No comments:

Post a Comment

Post Bottom Ad