ජීවිත්වන හැමෝටම සිහින වගේම බලාපොරොත්තු තියෙනවා. ඒ සිහින සහ බලාපොරොත්තු ඉටුකර ගැනීමට ලැබෙන්නෙ සමහර වෙලාවට වාසනාව නිසාම විය හැකියි. මේ සුන්දර රුක්ෂානා හටත් කුඩා කාලයේ ඉඳලාම බලාපොරොත්තුවක් තිබුණා.
ඒ තමයි රංගන ශිල්පිනියක වෙන්න ඕනෑය කියා. අද වනවිට ඒ බලාපොරොත්තුව, සිහිනය ඇය යම්තාක් දුරට සඵල කරගෙන. ආදර වැස්ස, උතුම් පැතුම්, අංකල් සෑම් යන මේ දිනවල විකාශය කෙරෙන නාට්‍ය සමග මේ රුක්ෂානා අපට හමුවෙනවා.
‘‘රඟපෑමේ අංශයට එන්න මම ගොඩාක් ආස කළා. ඒක කුඩා කාලයේ ඉඳලාම තිබුණු ආසාවක්. නමුත් ඒ වෙනුවෙන් සෑහෙන්න උත්සාහ කරන්න සිදුවුණා. අන්තිමට මට අවස්ථාවක් ලබා දුන්නෙ නිල්වලා ආයතනයයි.
පොඩි කාලයේ ඉඳලාම තිබුණු ආසාවක්. ඒ කාලයේ ඉඳලාම රංගනයට, නර්තනයට ආසා කළා. පාසැල් කාලයේදී පාසැල් වේදිකාවේ කලා කටයුතුවලට සම්බන්ධ වුණා. එහිදී සමස්ත ලංකා ජයග්‍රහණ පවා ලැබුවා.
කොට්ටාව. උසස් පෙළ හැදෑරුවේ දේවි බාලිකා විද්‍යාලයෙන්. දැන් සෞන්දර්යය සරසවියෙ අවසන් වසරේ සිසුවියක්.
තාත්තා ව්‍යාපාරික කටයුතු කරනවා. අම්මා තැපැල් ස්ථානාධිපතිවරියක්. මට ඉන්නෙ මල්ලි විතරයි.
ජනප්‍රියත්වය නිසාම නෙවෙයි. මට ආසයි චරිත රංගනය වෙතින් හොඳ දෙයක් ඉදිරිපත් කරන්න.
පාසැල් කාලයේ සිටම තිබුණු ආසාව සහ ආභාෂය තමයි. උසස් පෙළට කලා අංශයෙන් ඉදිරිපත් වුණෙත් ඒ ආසාව නිසාමයි. තමුන්ට හොඳ ගමනක් යන්න පුළුවන් වෙන්නෙ තමුන් ආසා කරන මාවතේ ගියාමයි.
උපාධිය සම්පූර්ණ කළාම පත්වීමත් ලැබේවි. ඒ අනුව රංගනය සහ රැුකියාව දෙකම කරගෙනයාමට තමයි උත්සාහය.
සරසවියෙදි එක් විෂයයක් වෙනුවෙන් ප්‍රගුණ කරන්නෙ බැලේ සහ උඩරට නර්තනයයි. ඇත්තටම සම්ප්‍රදායික සහ බටහිර නර්තන අංශ දෙකටම මම ආසයි.
තවම සැළකිය යුතු චරිත ලැබුණෙ නැහැ. නමුත් ලැබෙන චරිතයට උපරිම සාධාරණය කිරීම මගේ ප්රයන්තයයි. ඉදිරියේදී හොඳ චරිත ලැබේවි කියලා මම විශ්වාස කරනවා.
දැනට ලැබෙන සුළු චරිතය හෝ හොඳට කරන්න ඕනෑ.
මම කවුරුවත් අනුකරනය කරන්නෙ නැහැ. නමුත් මගේ ලෝකයේ ආසා කරන චරිත සිටිනවා. රංගනයේ සිහින තියෙනවා. ඕනෑම චරිතයක් කිරීමේ අභියෝගය බාර ගන්න ආසයි.
ඕනෑම කේෂ්ත්රයකදී තමුන්ගෙ චරිතය රැුකගෙන ඉන්න ගැහැනු ළමයින් දැනගන්න ඕනෑ. නමුත් හරියට ඉන්නවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ.
එක එක්කෙනාගෙ සිතුම් පැතුම් වෙනස්. තමන්ට ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. ඕනෑවට වඩා බලාපොරොත්තු පසුපස ගියාම තමයි අනවශ්‍ය ප්‍රශ්න එන්නෙ. ඒ නිසා ප්‍රශ්න ඇති නොවන විදියට ආසාවක් පසුපස හඹා නොයා යුතුයි.
හොඳ රංගන ශිල්පිනියක් වීම.
එයිත් මේ කේෂේත්රයේම කෙනෙක්.
No comments:
Post a Comment