දැරියගේ ගෙල සිරකර මරලා - බරපතළ ලිංගික අපයෝජනයක්ද කරලා - GOSSIP9.WORLD

Post Top Ad

දැරියගේ ගෙල සිරකර මරලා - බරපතළ ලිංගික අපයෝජනයක්ද කරලා

Share This
කොටදෙණියාව, සෙයා සදෙව්මි දැරියගේ මරණය ඝාතනයක් බවත්, ඇය බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කර ඇති බවත්, හෙළි වී ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.


මීගමුව දිසා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙම කරුණු හෙළි වී ඇතැයි ඒ මහතා කියයි.

රෙදි පටියකින් දැරියගේ ගෙල සිරකර ඝාතනය සිදුකර ඇති බවද පරීක්ෂණයේදී අනාවරණය වී ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙම ඝාතනයට සම්බන්ධ අපරාධකරුවන් ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදා පරීක්ෂණ සිදුකරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

සේයා සදෙව්මි බක්මීදෙණිය නමැති අවුරුදු හතරහමාරක් වයසැති මෙම දැරිය පසුගිය 11 වැනිදා රාත‍්‍රි නින්දට ගොස් ඇති අතර පෙරේදා (12) අලූයම සොයා බැලීමේදී ඇය ඇඳේ නොසිටි බව අනාවරණය වී ඇත.

ඒ ගැන ඇයගේ පියා විසින් කොටදෙණියාව පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර තිබුණි.

ඒ අනුව පෙරේදා (12) පොලිස් සුනඛයන් යොදා, විශේෂ මෙහෙයුමක් ද ක‍්‍රියාත්මක කරන ලදී.

අතුරුදන් දැරිය සොයා ඊයේ පෙරවරුවේ ද මෙහෙයුම් ක‍්‍රියාත්මක කළ අතර, ඒ අනුව දැරියගේ මළ සිරුර පුරන්වූ කුඹුරු යායක දිය පහරක් අසළ තිබියදී හමුවිණ.

රෙදි පටියකින් ඇගේ ගෙල සිරකර ඇති බවට සලකුණු සිරුරෙන් හමුවී ඇති අතර සිරුර නිර්වස්ත‍්‍රව තිබූ බව ද බව වාර්තා විය.

2010 වස‍රේ සැප්තැම්බර් මස 16 වනදා උපන් සේයා සදෙව්මි දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ මද්දුමයාය.

තවත් දින 03කින් සිය 5 වන උපන් දිනය සැමරීමට මග බලා සිටි සේයා මෙලෙස අවසන් ගොස් තිබේ.

‍මීගමුව කොටදෙණියාව පාරේ බඩල්ගම, අකරංගහ, වැලිපාරේ ඇගේ නිවස පිහිටා ඇත.

මව, පියා ඇතුළු පවුලේ සාමාජිකයින් 06 දෙනා සමග දිවි ගෙවන සදෙව්මි පෙර පාසල් සිසුවියකි.

පසුගිය (11) රාත්‍රී මේ දැරිය සිය ස‍හෝදරයින් සමග රූපවාහිනිය නරඹා රාත‍්‍රී 8.30ට පමණ නින්දට ගොස් ඇතැයි සඳහන්ය.

දැරිය නින්දට යන විට ඇගේ පියා නිවසේ නොසිට ඇති අතර මුත්තණුවන් හා මිත්තණියද අවමංගල්‍යයකට සහභාගී වී ආපසු පැමිණෙන විට රාත‍්‍රී 10.10 පමණ වී ඇති බව පැවසේ.

ඒ වන විටත් නිවසේ ප‍්‍රධාන පිවිසුම් දොර යතුරු නොදමා තිබී ඇති අතර ඔවුන් නිවසට ඇතුළු වූ පසුත් ඇගේ පියා පැමිණෙන තෙක් දොරගුළු නොදමා ඇතැයි කියැවේ.

පසුදා උදෑසන නිවැසියන් සදෙව්මි සෙවීමේදී ඇය නිවසේ ‍නොමැති බව තහවුරු වී ඇත.

සිද්ධිය වාර්තාවීමත් සමග පරීක්ෂණ ඇරඹූ පොලීසිය නිල සුනඛයින්ගේ සහය ද ලබා ගන්නා ලදී.

එහෙත් සුනඛයා නිවසේ සිට මීටර 100ක් පමණ ඉදිරියටත් තවත් මීටර 100ක් පමණ පසු පසටත් ගොස් නතර වී තිබිණ.

කෙසේ හෝ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ පොලීසිය ඊයේ දැරියගේ මළ සිරුර සොයාගැනීමත්,  අද පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිදරව් වූ කරුණු අනූවත් පොලීසියට මෙම අපරාධයේ සුලමුල සොයාගැනීමට තවත් පහසුවක් වනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad