ශ්‍රීලනිප සමුළුව පුලතිසිපුර ඇරැඹේ - මහින්ද එයි : චන්ද්‍රිකා රට - GOSSIP9.WORLD

Post Top Ad

ශ්‍රීලනිප සමුළුව පුලතිසිපුර ඇරැඹේ - මහින්ද එයි : චන්ද්‍රිකා රට

Share This


බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගමික වතාවත්වලින් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා සම්මේලනය මීට ටික වේලාවකට පෙර පොළොන්නරුව කදුරුවෙල රජරට නවෝදය ක්‍රීඩාංගනයේ දී ඇරැඹිණි.
පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේගේ ප්‍රධානත්වයෙන් සමුළුව පැවැත්වෙයි.

හිටපු ජනපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ජනපතිගේ දකුණු පසින් වාඩි වී සිටියි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ඡායාරූප ද වේදිකාවේ එල්ලා තිබේ.
ශ්‍රීලනිපයේ පැරණිම සාමාජිකයකු වන හිටපු අගමැති දි මු ජයරත්න මහතා ද ජනපති සමඟ වේදිකාවේ සිටී.
හිටපු කතා නායක චමල් රාජපක්ෂ, අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත, එස් බී දිසානායක, පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටිති.
පිළිගැනීමේ කතාව කළේ පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා ය. පසුගිය මැතිවරණයේ දී යම් පැසුබෑමකට ලක් වුවද ජනපතිගේ නායකත්වයෙන් ජයග්‍රහණය කරා මෙහෙයවන බව දිසානායක මහතා කීවේය.
පක්ෂය බෙදා වෙන් කිරීමට කිසිවකුට නොහැකි බවත්, හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අද නොපැමිණියේ විදේශ ගතවී සිටින නිසා බවත් ඔහු පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad