හෙක්ටර්-පාඨලී දෙවැනි වතාවටත් විවාහ වූ වගයි - GOSSIP9.WORLD

Post Top Ad

හෙක්ටර්-පාඨලී දෙවැනි වතාවටත් විවාහ වූ වගයි

Share This
ඕනෑම කෙනෙක් විවාහ උත්සවය මෙන්ම විවාහ චාරිත‍්‍ර කරන්නේ ජීවිතයේ එක් වතාවකදී පමණයි. දික්කසාද වූ අයෙක් නැවත විවාහ වී උත්සව ගන්නා අවස්ථා තිබුණද විවාහ වී සිටින යුවළක් නැවත විවාහ වී උත්සවයක් ගන්නා අවස්ථා දැකගැනීමට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. ජනප‍්‍රිය මේරියන්ස් සංගීත කණ්ඩායමේ 17 වසරක් සැක්සෆෝන් වාද්‍ය ශිල්පියකු සහ ගායන ශිල්පියකු ලෙස කටයුතු කළ දැනට ඩි-මේජර් (D Major) නමින් සංගීත කණ්ඩායමක් පවත්වාගෙන ”හෙක්ටර් ඩයස්” පසුගියදා එලෙසින් නැවත විවාහ දිවියට ඇතුළත් වුණා.
ඔහුගේ මනාලිය වූයේ බිරිඳ පාඨලීය. පුතුන් දෙදෙනා සහ දියණිය මල්කුමරුන් සහ කුමරිය ලෙස පෙනී සිටියහ. හෙක්ටර් ඇයි මේ විදියට නැවත විවාහ උත්සවයක් පැවැත්වුවේ?

”අඳුර ගලායන හෝරාවේ
සඳවත පීදෙන මේ යාමේ
මුව අග විකසිත උණුසුම් හැඟුමන්
ඔබට කියන්නයි මා ආවේ”


මේ විදියට නැවත විවාහ වූ දවසේ හෙක්ටර් තමා විසින්ම නිර්මාණය කළ ඒ ගීතය ගයමින් උත්සවය ආරම්භ කළේය. ඉන්පසුව ”ජීවිතය” ගැන කතා කළේ මෙලෙසිනි.


buttonජීවිතේ මැරෙනකල්ම අලූත් විදියට ජීවත්වෙන්න පුළුවන් නම් ඒක තමයි සුන්දරම දේ. පාඨලී සහ මම විවාහවෙලා මේ වසරට අවුරුදු 10 යි. ඉතින් ඒ විවාහ සංවත්සරය අපට අලූත් විදියට සමරන්න  ඕනෑ වුණා. මේ විදියට කවදාහරි කරමු කියන දේ ගැන අපි දෙන්නාම කලින් කතා කරගෙනයි තිබුණෙ. ගෙවීගිය වසර දහය ගැන මොකද හිතන්නෙ? මොනවද වෙච්ච වෙනස්කම්?
හරිම සුන්දරව ගෙවීගිය දස වසරක් වුණා. පුතාලා දෙන්නා සහ දියණිය පවුලට එක්වුණා. ලොකු පුතා ඩෙවින්, දුව ඩියෝනා, පොඞ්ඩා ඩිලෝන්.
 

button”ඩි” යොදා ගත්තෙ ඇයි? ඔබගෙ ඞී මේජර් කණ්ඩායමට ඒ දරුවනුත් බඳවාගන්න හිතාගෙනද?
ඇත්තටම ඒ අදහසත් නැතුවාම නෙවෙයි. එයාලා දැනටමත් සංගීතය හදාරනවා.

rry

buttonආයෙත් විවාහ උත්සවයක් පැවැත්වීම නිසා ලොකු මුදලක් යන්න ඇති නේද?
ඇත්තෙන්ම ඔව්. නමුත් වියදම් කළ මුදලට වඩා අපට  ඕනෑ වුණේ සමාජයට ආදර්ශයක් ගෙනදීමටයි.

 

buttonමොකක්ද මේ නිසා සමාජයට ලැබෙන ආදර්ශය?
ලංකාවේ දිනකට විවාහ උත්සව සියයක් විතර සිද්ධවෙනවා. ලෝකයේ අනන්තවත් වෙනවා. ඒ විදියට විවාහ වෙන්නෙ මැරෙනකල්ම දෙන්නා එකට ජීවත්වෙන්න අරමුණු කරගෙනයි. නමුත් සමහර අයට වරදිනවා. අපි මෙහෙම කළේ ජීවිතය නැවත අලූත්කර ගන්නයි. ආයෙත් අපි සපත කරගන්නවා, ආයෙත් අලූත් ගමනකට. දේවස්ථානයේදී චාරිත‍්‍ර සියල්ල සිදුකළා. මුදු මාරු කරගත්තා. හරිම සුන්දරයි.

 

buttonමේ විදියට නැවතත් විවාහවීම සම්ප‍්‍රදායානුකූල නැහැ නේද?
අපි ලෝකයේ ජීවත්වන්නෙ කෙටි කාලයයි. මේ කාලයේදී ”සතුට” තමයි නිතර අවශ්‍ය. දුක් විඳින්නෙ නැතුව ජීවිතය සතුටින් ගත කරන්න  ඕනෑ. අපි දෙන්නාම ”සතුට” මුල්කරගෙන පවුල් ජීවිතය ගෙනයන යුවළක්. පාඨලී සහ දරු තිදෙනා වෙසෙන්නේ ප‍්‍රංශයේ. නිවාඩු ලබාගෙන මේ විදියට උත්සවය සමරන්න අපි එකතුවුණා. අපේ සමීපතම මිතුරු මිතුරියන් සියලූ දේ සම්බන්ධීකරණය කරන්න වගේම සැලසුම් කර දෙන්න ඉදිරිපත්වුණා. වියදමටත් වඩා අපට වටින්නේ ප‍්‍රීතිමත් ජීවිතයක්.

 

buttonනමුත් සමහරු මෙය විකාරයක් කියලා හිතාවි?
ජීවිතය ගැන නිසි අවබෝධයක් ඇති කෙනෙක් නම් එහෙම හිතන එකක් නැහැ. විවාහවෙලා දස වසරක් ගෙව්වා කියන්නෙ සුළුපටු කාලයක් නොවෙයි. ඒක දිගු ගමනක්. පවුල අතරට ”සතුට” පිටින් ලබාගන්න බැහැ. ඒ වගේම පවුලක සතුට පිටට දෙන්නත් බැහැ. එය කාටවත් කරදරයක් නෙවෙයි. තවත් කෙනෙකුට ආදර්ශයක්ම මිස. මොකද එදා අපි දෙන්නා ජීවිතය පටන්ගත්තෙ. අද නැවතත් විවාහ ජීවිතය පටන්ගන්නෙ දරු තිදෙනා එක්ක පවුලක් ලෙසයි.

 

buttonමෙම උත්සවය දවසේ ඔබ පාඨලී වෙනුවෙන්ම ගීතයක් ගැයුවා නේද?
”ඉර සඳ වැඳලා නෙත් දෙක ඇරලා” ගීතය ගයන්න කියලා ඇය විශේෂයෙන් ඉල්ලීමක් කළා. මම එය ඉටුකළා.

 

buttonමේක ඇත්තටම ඔබ ආයෙත් ප‍්‍රසිද්ධියක් ලබාගන්න කළ දෙයක් නෙවෙයිද?
කොහෙත්ම නැහැ. එහෙම නම් ඒ සඳහා  ඕනෑ තරම් දේවල් සංගීතයෙන් කරන්න අපට පුළුවනි. හොඳ ප‍්‍රසංගයක් කරලා එය කරන්න තිබුණා. නමුත් අපට අවශ්‍ය වුණේ ලෝකයට ආදර්ශයක් දෙන්නයි.

 

buttonළඟදී ප‍්‍රසංගයකුත් කරනවා නේද?
ඩෙස්මන්ඞ් විත් ඞී-මේජර් නමින් මෙම 22 වැනිදා මීගමුව ආවේ මරියා විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේදී ප‍්‍රසංගයක් පැවැත්වෙනවා. අපේ ඞී මේජර් සංගීත කණ්ඩායම සමග ප‍්‍රවීණ ගායන ශිල්පී ඩෙස්මන් ද සිල්වා සමග ඒ ප‍්‍රසංගය නවමු රටාවකින් ඔබට වින්දනය කළ හැකියි. 



No comments:

Post a Comment

Post Bottom Ad