චම්පික හා රතනහිමියන් කළේ පාවාදීමක් - GOSSIP9.WORLD

Post Top Ad

චම්පික හා රතනහිමියන් කළේ පාවාදීමක්

Share This
රටට ආදරය කරන පිරිස් ඉදිරි මහමැතිවරණයේදී ඡන්දය පාවිච්චි කළ යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත්වී ඇති අපේක්ෂකයින්ට බව ජාතික විද්වත් එකමුතුව පවසයි.


එසේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ඇත්තේ රට පාවාදෙන සිංහල-බෞද්ධ විරෝධී ප්‍රතිරූපයක් බවත්, ජාතික විද්වත් එකමුතුව පෙන්වාදෙයි.



එම එකමුතුව වෙනුවෙන් අද(14) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වුණු වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කියා සිටියේ පාඨලී චම්පික හා අතුරලියේ රතනහිමි වැන්නන් විසින් එජාපයට සහයදෙමින් එම ප්‍රතිරූපය වෙනස් කිරීමට උත්සාහ ගනිමින් සිටින බවයි.

උතුරේ ප්‍රධාන අමාත්‍යවරයා අමෙරිකාවේ සිදුකළ සංචාරයකදී 'ටැමිල් ලෑන්ඩ්'හෙවත් 'දෙමළ භූමිය'යන යෙදුම භාවිතා කර ඇති බවත්,සිංහලයෙකු මෙය 'සිංහල භූමිය' ලෙස එලෙස නම්කරනු ලැබීනම් 'ජාතිවාදියෙකු' ලෙස හංවඩු ගසන බවත් මෙම විද්වත් එකමුතුවට එක්වුණු ගෙවිඳු කුමාරතුංග මහතා සඳහන් කළේය.

උතුරේ ප්‍රධාන අමාත්‍යවරයා එකී දෙමළ භූමියෙන් හමුදා ඉවත්විය යුතු බව අවධාරණය කර ඇති බවත්, රනිල් ප්‍රමුඛ එජාපය නැවත බලය අත්පත් කරගනු ලැබුවහොත් ජාතික ආරක්ෂාව අනතුරේ බවත් කුමාරතුංග මහතා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් චම්පික රණවක හා රතනහිමියන් විසින් කර ඇත්තේ පාවාදීමක් බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad