මහින්දට අපහාස කළැයි මංගල, අනුර ඇතුළු 5ට එන්තරවාසී - GOSSIP9.WORLD

Post Top Ad

මහින්දට අපහාස කළැයි මංගල, අනුර ඇතුළු 5ට එන්තරවාසී

Share This
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අපහාස සිදු වන ආකාරයෙන් අසත්‍යය ප්‍රකාශ සිදු කළ බවට චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට නීතිඥවරුන් පිරිසක් තීරණය කර තිබේ.

අද විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී නිතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ අදාළ පිරිසට ඊයේ දිනයේ එන්තරවාසි යොමු කළ බවයි.



ඒ අනුව අමාත්‍ය මංගල සමරවීර, නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක, එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ට සහ ගායන ශිල්පි සුනිල් පෙරේරා මහතාට මෙලෙස එන්තරවාසි යවා ඇති බව ඒ මහතා පැවසුවේය.

No comments:

Post a Comment

Post Bottom Ad