මව නැති අතරේ පියාගෙන් දියණියට අතවර - GOSSIP9.WORLD

Post Top Ad

මව නැති අතරේ පියාගෙන් දියණියට අතවර

Share This
වයස අවුරුදු 13ක් වන සිය දියණියට බරපතළ ලෙස ලිංගික අපරාධයක් සිදු කළ බව කියන පියෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කල්පිටිය පොලීසිය කියයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය, මාම්පූරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුය.ඔහු 32 හැවිරිදි අයෙකු බව පොලීසිය පවසයි.



අතවරයට ලක්ව ඇති දැරිය මාම්පූරිය ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය පාසල් සිසුවියකි.

සැකකරු බිරිඳ නිවසේ නොමැති අවස්ථාවක තම දියණියට මෙම අපරාධය සිදු කර ඇති බව පොලීසිය කියයි.

දැරියගේ මව තම දියණියව හලාවත මහා රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ ඇයව පරීක්ෂා කර ඇති අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සිදුවී ඇති අපරාධය පිළිබඳව තහවුරු කර ඇත.

ඒ අනුව හලාවත පොලීසිය විසින් කල්පිටිය පොලීසියට කරන ලද දැනුම්දීමක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරේ.

No comments:

Post a Comment

Post Bottom Ad