හමුවෙන්න ඕන අය හමුවෙලා එන්නම්කෝ - GOSSIP9.WORLD

Post Top Ad

හමුවෙන්න ඕන අය හමුවෙලා එන්නම්කෝ

Share This

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ සුහද හමුවක් බ්‍රහස්පතින්දා රාත්‍රී බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ කොළඹ නිවසේ දී පැවැත්විණි.
ඊට මන්ත්‍රීවරු 87 දෙනෙක් සහභාගී විය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ද එහි ආවේය.


එය සුහද හමුවක් නිසා දේශපාලනය ගැන කතා නොකළ යුතු යැයි හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීවේය. ටික වේලාවකින් පිරිස ඇමැතීමට හිටපු ජනපතිට ආරාධනා ලැබිණි.
තහනම් වචනය ‘දේශපාලනය‘ කළ නිසා හිටපු ජනපති දැඩි අපහසුතාවට පත් විය. ‘මං ඉතින් මොනවා කතා කරන්නද දේශපාලනය නැතුව?‘ යැයි රාජපක්ෂ මහතා සිනාසෙමින් කීවේය.
‘නෑ නෑ සර්ට ඒක අදාල වෙන්නේ නෑ. සර් ඕන දෙයක් ගැන කතා කරන්න.‘ යි මහින්දානන්ද පැවසීය.
ඒ සමඟම කතාව අරම්භ කළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කීවේ බණ්ඩාරනායක මහතා එජාපයෙන් විත් ශ්‍රීලනිපය හැදුවේ නැවත එජාප තුරුළේ නැළවෙන්නට නොවන බවත්, ශ්‍රීලනිපය නොකඩන බවත්ය..
‘මං එහෙනම් හමුවෙන්න ඕන අය හමුවෙලා එන්නම්කෝ.‘ යැයි කියමින් රාජපක්ෂ මහතා මහ ඇමැති නිවසින් පිටව ගොස් පැයකින් පමණ සිනා මුසු මුහුණින් නැවත ආවේය.  හිටපු ජනපති එන ආකාරය දුටු බොහෝ දෙනා කීවේ ‘ගියපු වැඩේ සාර්ථකයි වගේ කියාය.‘
හිටපු ජනපති ගියේ මෛත්‍රීපාල සිරිසේන ජනපති හමුවීමට  බව බොහෝ දෙනෙක් දැන සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad