නැව් සංස්ථාවට එකම නැවක්වත් නෑ -සල්ලි ගියේ කාගේ සාක්කුවටදැයි දන්නේ නෑ - GOSSIP9.WORLD

Post Top Ad

නැව් සංස්ථාවට එකම නැවක්වත් නෑ -සල්ලි ගියේ කාගේ සාක්කුවටදැයි දන්නේ නෑ

Share This
නැව් 20-21 ක් පමණ තිබුණු ශ්‍රී ලංකා නැව් සංස්ථාවට මේවන විට එකදු නැවක් හෝ නොමැති බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

නැව් නැති නැව් සංස්ථාව, නැව් ඇති නැව් සංස්ථාවක් බවට පත්කරලීම රජයේ අපේක්ෂාව බව අමාත්‍යවරයා කියා සිටියේ අදට(10) යෙදුණු ශ්‍රී ලංකා නැව් සංස්ථාවේ 44 වන සංවත්සරය වෙනුවෙන් 'අයිරන්ස් විස්ඩම්'නෞකාවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.



නැව් නොමැති වුවද නැව් සංස්ථාව පාඩු නොලබන බවත්, එය ලාභ ලබමින් පවතින බවත්, නැව් සංස්ථාවේ මේවන විට කාර්ය භාර්යවී ඇත්තේ ගල් අඟුරු ප්‍රවාහනය බවත් ඔහු පෙන්වා දුන්නේය.

පසුගිය රජයේ කොන්ත්‍රාත්තුවක් අනුව නැව් දෙකක් මිලදී ගැනීම සිදුවන බවත්, එයින් එක් නැවක් එළඹෙන නොවැම්බර් මාසයේදී ලැබෙන බවත්, අනෙක් නැව ඊළඟ වසරේදී ලැබෙන බවත් රණතුංග මහතා සඳහන් කළේය.

එසේ වුවද එකී නැව් වලට නියමිත වටිනාකමට වඩා ගෙවීමට සිදුව ඇති බවත්, එකී මුදල් යන්නේ කාගේ සාක්කුවටදැයි නොදන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

කෙසේ වෙතත් එකී නැව් වල මිල අඩුකර ගැනීමට සාකච්ඡා පැවැත්වූ බවත්, එහෙත් එකී සමාගම් මිල අඩුකිරීමට කැමැත්තක් නොදක්වන බවත්, එසේ වුවද තවදුරටත් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

නැව් ලබාගැනීම සිදුකරනු ලබන්නේ නියෝජිතයින් මාර්ගයෙන් බැවින් පසුගිය කාලයේ ඇතැමුන් පවුල් පිටින් ගොස් එකී නියෝජිතයින්ගේ ඉහළ නිලධාරීන් හමුවී නැව් ලබාගැනීමට උත්සාහ දරා ඇති බවද අමාත්‍යවරයා සිහිපත් කළේය.

රට වටා මුහුද තිබුණද භාණ්ඩ ප්‍රවාහනයේදී මුහුද යොදා ගැනීමක් සිදුනොවන බවත්, කන්ටේනර් භාවිතයෙන් දැවැන්ත රථ වාහන තදබදයක් හටගෙන ඇති බවත්, ඉදිරියේදී රට වටා වරායන් සංවර්ධනය කර මුහුදු මාර්ගයෙන් භාණ්ඩ ප්‍රවාහනයට ‍අවධානය යොමුකරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

වරාය සංවර්ධනය කිරීම සඳහා ආයෝජකයින් බොහෝ සේ සිටින නමුත් එකී ව්‍යාපෘති වලින්  51%ක් රජයට ලබාගෙන ඉතිරි 49%  ආයෝජකයින්ට ලබාදිය යුතුව ඇති මුත් ඉකුත් රජයේ ඇතැම් ව්‍යාපෘති වලින් 85%ක් ආ‍යෝජකයින්ට ලබාදී 15% ක් පමණක් රජයට හිමිවූ අවස්ථාව පවත්නා බව  හෙතෙම වැඩිදුරටත් මෙහිදී අවධාරණය කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad