උදයන්තිට වෙලේසුදාගෙන් රු.50,000ක උපන්දින තෑග්ගක්! - GOSSIP9.WORLD

Post Top Ad

උදයන්තිට වෙලේසුදාගෙන් රු.50,000ක උපන්දින තෑග්ගක්!

Share This
රංගන ශිල්පිණියක වන උදයන්ති කුලතුංගට වෙලේසුදා නැමති මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු රුපියල් 50,000ක ත්‍යාගයක් ඇයගේ උපන්දිනයක් වෙනුවෙන් ලබාදීලා කියලා රහස් පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා.
ඒ කරුණ අනාවරණය වූණේ ඇයට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුවක් අද විභාගයට ගත්‍ අවස්ථාවෙයි. උදයන්තිට තියෙන චෝදනාව තමයි ඇය වෙලේසුදා නැමැති මත්කුඩු ජාවාරම්කරු සමග මූල්‍ය ගනුදෙනු කළා කියන එක.

මේ තොරතුරු අනාවරණය වෙලා තියෙන්නේ රහස් පොලීසිය දුරකථන දත්ත පරික්ෂා කිරීමෙන් පස්සෙයි. ඒ තොරතුරු ඔස්සේ මේ අයගේ බැංකු ගිණුම් පරික්ෂා කළ රහස් පොලීසියට තවත් ගනුදෙනුවක් ගැන තොරතුරු අනාවරණය වෙලා. ඒ තමයි රහස් පොලීසිය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කියපූ විදියට වෙලේසුදා උදයන්තිගේ බැංකු ගිණුමට රුපියල් 100,000 බැගින් හතර  වතාවක් මුදල් යැව්වා කියලා.
රහස් පොලීසිය මේ තොරතුරු අද උසාවියට කොහොම කිවුවත්, උදයන්තිගේ නීතිඥවරයා මේ චෝදනා ප්‍රතික්ෂේප කරලත්, තියෙනවා.
කොහොම කොහොම හරි උදයන්ති කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිණියක්. වෙලේසුදා කියන්නේ නම්දරාපු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්. මේ දෙන්නාට එරෙහිව දැන් උසාවියේ නඩු යනවා. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.
උදයන්තිගේ ඡයා රූප කිහිපයක් පහතින්.


No comments:

Post a Comment

Post Bottom Ad