රනිල්ට එරෙහි විශ්වාසභංගය තීරණාත්මකයි-අලියා සහ දිවුල්ගෙඩියේ සම්බන්ධය එපා - GOSSIP9.WORLD

Post Top Ad

රනිල්ට එරෙහි විශ්වාසභංගය තීරණාත්මකයි-අලියා සහ දිවුල්ගෙඩියේ සම්බන්ධය එපා

Share This
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට අවශ්‍ය මූලික කටයුතු සූදානමින් පවතින බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඊයේ දිනයේ එය ආරම්භ කළ බවත් ඊයේ සවස 6.00 පමණ වන විට එම විශ්වාසභංගයට අත්සන් 60ක් පමණ ලැබුණු බවත් අලහප්පෙරුම මහතා කියා සිටියේ අද(22)නාරාහේන්පිට අභයාරාමයේ පැවැත්වුණු මාධ්‍ය හමුවකදීය.



මෙම මාධ්‍ය හමුවට ඩලස් අලහප්පෙරුම,කුමාර වෙල්ගම,මනූෂ නානයක්කාර යන මන්ත්‍රීවරු එක්ව සිටියහ.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් අලහප්පෙරුම මහතා කියා සිටියේ විශ්වාසභංගයට රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන්ද කිහිපදෙනෙකු අත්සන් තබා ඇති බවයි.

මීට ඉහතදී අවස්ථා දෙකකදී ගෙන ආ විශ්වාසභංග යෝජනා පරාජයට පත්වුණා වුවද මෙවර එය ඉතිහාසයේ තීරණාත්මක සිදුවීමක් වනු ඇති බවත්,ඉදිරි සතිය තුළ ප්‍රමාණවත් පරිදි අත්සන් ලැබුණු පසු එය කථානායකවරයාට ලබාදීමට ක්‍රියා කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

මීට පෙරාතුව පළාත් සභා හා පළාත්පාලන යන විෂයන් එකම අමාත්‍යංශයකට අයත්වූ බවත්,මෙම රජය යටතේ එය දෙකඩ කර පළාත්පාලන විෂය එජාප අමාත්‍යවරයෙකුටත්,පළාත් සභා විෂය ශ්‍රීලනිප අමාත්‍යවරයෙකුටත් ලබාදී ඇති බව මන්ත්‍රීවරයා සිහිපත් කළේය.

එසේ කරනු ලැබ ඇත්තේ ශ්‍රීලනිපයේ පිටකොන්ද කැඩීමට බවට ඔහු චෝදනා කළේය.

1951 සිට එජාපය හා ශ්‍රීලනිපය අතර පැවතියේ හා පැවතිය යුතු වූයේ අලියා සහ හෙණ්ඩුව අතර වැනි සම්බන්ධයක් වුවද,මේවන විට ජාතික ආණ්ඩුව තුළින් එකී සම්බන්ධය අලියා සහ දිවුල්ගෙඩිය අතර සම්බන්ධයක් බවට පත්ව ඇති බවත් අලහප්පෙරුම මහතා අවධාරණය කළේය.







No comments:

Post a Comment

Post Bottom Ad