යහපාලනය නිසා අපිත් අමාරුවේ වැටුනා - ගැමුණු - GOSSIP9.WORLD

Post Top Ad

යහපාලනය නිසා අපිත් අමාරුවේ වැටුනා - ගැමුණු

Share This
යහපාලන ආණ්ඩුවෙන් පෞද්ගලික බස් කර්මාන්ත කරුවන් අමාරුවේ වැටුණු බවත් මේ නිසා පවතින ගැටලු කිහිපයක් මුල්කරගෙන ඉදිරි දින කිහිපය ඇතුළත බස්නාහිර පළාතේ බස්රථ වර්ජනයකට අවතීර්ණය වන බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසීය.

නුගේගොඩ පිහිටි එම සංගම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ගැමුණු විජේරත්න මහතා මෙම අදහස් පැවැසීය.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සුදු අලියෙක් බවත් මෙම අධිකාරියේ සේවකයින් 400 දෙනෙකුට පමණ මධ්‍යම රජයෙන් වැටුප් ගෙවන බවත් විජේරත්න මහතා පැවැසීය. පළාත් සභාවට අයිති ආයතනයක් මධ්‍යම රජයෙන් මුදල් ලබාගන්නා නිසා මධ්‍යම රජයේ තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට මෙම මගී ප්‍රවාහන අධිකාරියට වගකීමක් ඇති බවද හෙතෙම පැවැසීය.

බස්නාහිර පළාතේ බස්රථවලින් කප්පම් ගැනීම් නතර කිරීම, බස්රථ කාලසටහන් සකස් කිරීම ඇතුළු මධ්‍යම රජය විසින් ගනු ලැබූ තීන්දු මෙම මගී ප්‍රවාහන අධිකාරිය විසින් ඉටුනොකළ බවද ගැමුණු විජේරත්න මහතා කීය. මෙම අධිකාරියට වෙන් කරන මධ්‍යම රජයේ ප්‍රතිපාදන නතර කරන ලෙස සහ මෙම අධිකාරිය යටතේ සිටින මාර්ග පරීක්ෂකවරුන් මහා මාර්ග වලින් ඉවත්කරන ලෙස බළකරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවද ගැමුණු විජේරත්න මහතා පැවැසීය.

පෙර ගෙවුම් මගී කාඩ්පත් ක්‍රමවේදය අකර්මන්‍ය කරනු ලැබුවේ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් බව පැවැසූ ගැමුණු විජේරත්න මහතා මෙම අධිකාරියේ සභාපතිවරයා අලුත් පෙරගෙවුම් කාඩ්පත් ඔහුගේ වුවමනාවට ඉදිරියේදී හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බවද කීය.

පෞද්ගලික බස් කර්මාන්තය වර්තමානයේ සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවත් මෙය නැවත ගොඩනැගීමට බලධාරීන් තුළ වුවමනාවක්ද නැති බවත් ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පැවැසීය.

No comments:

Post a Comment

Post Bottom Ad