යුද ජයග්‍රහණයේ 6වන සැමරුම අදයි - GOSSIP9.WORLD

Post Top Ad

යුද ජයග්‍රහණයේ 6වන සැමරුම අදයි

Share This
බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කරමින් මාතෘ භූමිය නිදහස ලැබූ යුධ ජයග්‍රහණයේ 6 වන සැමරුම අදට යෙදී තිබේ.

 ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටනට මුහුණදුන් රණවිරුවන් ඇතුළු ජනතාවට උපහාර දැක්වීම සහ මාතෘ භූමියේ අභීත ශක්තිය විදහා දැක්වීම සඳහා අද රණවිරු සැමරුම් පෙළපාලියක් මාතර දී සංවිධානය කර තිබේ.


 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය අද පෙරවරුවේ පැවත්විමට නියමිතය.

එම ජාතික උත්සවය සඳහා අග්‍රාමාත්‍යවරය ,කතානායකවරයා ඇතුළු දේශපාලන නියෝජිතයින්, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා ඇතුළු විශාල පිරිසක් සහභාගී වන බව  වාර්තාවෙයි.

යුධ, නාවික, ගුවන් හමුදා සහ සිවිල් ආරක්ෂක බලකාය මෙන්ම පොලිසියේ සහභාගිත්වයෙන් සැමරුම් පෙලපාලිය පැවැත්වෙයි.

මේ අතර රණවිරු සේවා අධිකාරිය මඟින් ද හෙට බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී විශේෂ සැමරුම් උත්සවයක් සංවිධානය කර ඇති අතර   එහි ප්‍රධාන ආරාධිතයා වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි.

No comments:

Post a Comment

Post Bottom Ad