රිචී බෙනෝ වෙනුවෙන් ලොව පුරා උපහාර ! - GOSSIP9.WORLD

Post Top Ad

රිචී බෙනෝ වෙනුවෙන් ලොව පුරා උපහාර !

Share This
දිවියෙන් සමුගත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරක රිචී බෙනෝ (Richie Benaud) වෙනුවෙන් ලොව පුරා ශෝකය සහ උපහාරය පළ වෙමින් පවතී.

අගමැති ටෝනි ඇබට්,දිවියෙන් සමුගත් රිචී බෙනෝ විග්‍රහ කළේ ඕස්ට්‍රේලියානු සරත් සමය වර්ණවත් කරමින් ‘අළු බඳුන’ ක්‍රීඩා කිරුළ සියරට වෙනුවෙන් තුන් වරක්ම දිනා දීමට කණ්ඩායම මෙහෙය වූ වීර පුරුෂයකු’ හැටියටයි.

තමා වැඩුනේ රිචී බෙනෝගේ මන බඳින සුළු ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරවලට සවන් දෙමින්’ යයි බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පවසයි. ‘එවැනි පුරුෂයකු ලෝකයට අහිමි වූ බවයි’ බ්‍රිතාන්‍ය අගමැතිවරයා පවසන්නේ.

පකිස්තාන් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන ඉම්රාන් ඛාන් සඳහන් කළේ, රිචී බෙනෝ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ මහා දැනුම් සම්භාරයක් සහිත කීප දෙනාගෙන් එක් අයකු වූ බවයි.

රෝගාතුරව සිටිය දී පවා රිචී බෙනෝ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දැක්වීම ඉන්දියානු සුපිරි ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ගේ අගය කිරීමට ලක් වෙයි.

මිය යන විට අසූ හතර වැනි වියේ පසු වූ රිචී බෙනෝ කලක් සමේ පිළිකා රෝගයෙන් පීඩා විඳි අතර මෑතදී රිය අනතුරකට ද ලක් විය.

No comments:

Post a Comment

Post Bottom Ad