ප්‍රචාරක රැලියෙන් ක්‍රීඩාංගණයට හානි - GOSSIP9.WORLD

Post Top Ad

ප්‍රචාරක රැලියෙන් ක්‍රීඩාංගණයට හානි

Share This
අනුරාධපුර මහජන ක්‍රීඩාංගණ සංකීර්ණයේ පාපන්දු, ක්‍රිකට්, එල්ලේ ක්‍රීඩා සඳහා භාවිතා කරන ක්‍රීඩා පිටියට දේශපාලනික රැස්වීමක් පැවැත්වීම සඳහා කළු ගල් ඇතිරීම සම්බන්ධයෙන් අනුරාධපුරයේ ක්‍රීඩා සංගම් බලවත් ලෙස සිය විරෝධය පළ කර තිබේ.

මෙවර ජනාධිපතිවරණය සඳහා තරඟ වැදෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මංගල රැලිය ලබන එකොලොස් වෙනිදා අනුරාධපුරයේ මහජන ක්‍රීඩාංගණ සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතයි.

එබැවින් වර්ෂාවකදී රැස්වීම් භූමිය මඩ වීම වැළක්වීමට මෙලෙස කළු ගල් අතුරා ගල් රෝල් මගින් ක්‍රීඩා භූමිය සැකසීම සිදු කරන බවයි ක්‍රීඩා සංගම් නිලධාරීන් පවසන්නේ.


අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ උප සභාපති ඉන්දික අරුණ කුමාර පවසන්නේ මේ අන්දමට කළු ගල් ඇතිරූ පසු නැවත මෙම ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කිරීමට හැකියාවක් නොමැති බවයි.



විශාල අපරාධයක්
උතුරු මැද පළාත් ඇමතිවරයාගේ උපදෙස් මත මෙය සිදු කෙරෙන අතර ඒ සඳහා රුපියල් කෝටියකට අධික මුදලක් වැය වන බවයි ක්‍රීඩා සංගම් නිලධාරීන් පවසන්නේ.

වර්තමානයේ ක්‍රීඩකයින්ට පමණක් නොව අනාගත පරම්පරාවේ ක්‍රීඩකයන්ටත් ක්‍රීඩා කළ හැකිව තිබූ මෙම ක්‍රීඩාංගණය දේශපාලන රැස්වීමක් වෙනුවෙන් අහිමි කිරීම විශාල අපරාධයක් බවයි අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ ලේකම් සාගර පියතිලක පවසන්නේ.

අනුරාධපුරයේ ක්‍රීඩා සංගම් වල නිලධාරීන් අද(04) දහවල් උතුරු මැද පළාත් මහා ඇමති එස් එම් රංජිත් සමරකෝන් හමු වී අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයට සිදු කරනු ලබන හානිය නවත්තන මෙන් ඉල්ලා සිටියහ.

ක්‍රීඩා සංගම් වල නිලධාරීන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහා ඇමතිවරයා කියා සිටියේ ජනාධිපතිවරයාගේ මංගල රැස්වීම වෙනත් ස්ථානයක පැවැත්වීමට නොහැකි බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad