මෛත්‍රී සොහොයුරුට බලපෑම් - GOSSIP9.WORLD

Post Top Ad

මෛත්‍රී සොහොයුරුට බලපෑම්

Share This
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ සහෝදරයා වන සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන ගේ සහල් ලොරි රථ දෙකකට අද, සෙනසුරාදා බලපෑම් එල්ලවී තිබේ.

පොළොන්නරුවේ සිට මරඳගහමුලට අරලිය සහල් ගෙන ආ ලොරියකට හානි සිදු කොට එහි රියදුරාට සහ සේවකයාට, යතුරු පැදිවලින් පැමිණි කණ්ඩායමක් විසින් පහරදී පලා ගොස් ඇත.
රාත්‍රී ලොරිය නවත්වා නිදා ගෙන සිටියදී මෙසේ පහරදුන් බවයි ලොරි රථයේ රියදුරු සරත් සුරංග පැවසුවේ.

මරඳගහමුල සහල් නිෂ්පාදකයන්ගේ සංගමය මේ සිද්ධිය හෙලා දැක ඇත.
මේ අතර අරලිය සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනට අයත් ලොරියකට ගම්පොල දී තවත් සිද්ධියකට මුහුණ දීමට සිදුවී තිබේ.

තමන්ට අයත් එම ලොරි රථයේ යතුරු බලහත්කාරයෙන් ගෙන ගොස් ඇති බවයි අරලිය සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පැවසුවේ.

මෙම සිද්ධීන් පිළිබඳව පොලිස් විමර්ශන ආරම්භ කොට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සංදේශයට පැවසුවේය.

No comments:

Post a Comment

Post Bottom Ad