ඉතාලි පාපන්දු ක්‍රීඩකයාගේ උරහිස සපා කෑ උරුගුවේ ක්‍රීඩකයාට එරෙහිව පරීක්ෂණයක් - GOSSIP9.WORLD

Post Top Ad

ඉතාලි පාපන්දු ක්‍රීඩකයාගේ උරහිස සපා කෑ උරුගුවේ ක්‍රීඩකයාට එරෙහිව පරීක්ෂණයක්

Share This













ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඉතාලිය සහ උරුගුවේ අතර ඊයේ පැවති තරගයේදී ඉතාලි ක්‍රීඩක Giorgio Chielliniගේ උරහිස සපා කෑම සම්බන්ධයෙන් උරුගුවේ ක්‍රීඩක Luis Suarezට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ජාත්‍යන්තර පාපන්දු සංගම් සම්මේලනය (FIFA) විසින් මෙම විනය පරීක්ෂණය ආරම්භ කරනු ලැබ ඇත.

විචාරකයින් පවසන්නේ, උරුගුවේ කණ්ඩායමේ දක්ෂතම ක්‍රීඩකයෙකු වන Luis Suarezට තහනමක් පැනවීමට බොහෝ දුරට ඉඩ ඇති බව ය.

‍ජාත්‍යන්තර පාපන්දු සංගම් සම්මේලනය මේ සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ගයක් ගතහොත් ලුවිස් සුවාරෙස්ට තරග 24ක තහනමක් හෝ වසර දෙකක තරග තහනමක් පැනවිය හැකි ය.

27 හැවිරිදි Luis Suarez ඊයේ පැවති තරගයේදී Giorgio Chielliniගේ සමග ඇති කරගත් ගැටුමකදී මෙම සපා කෑම සිදු විය.

කෙසේ වෙතත්, මෙම තරගයෙන් ගෝල 1-0ක ජයක් උරුගුවේ කණ්ඩායමට හිමි විය.

මේ අතර, තරගයෙන් අනතුරුව මධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ලුවිස් සුවාරෙස් පවසා ඇත්තේ, මෙවැනි තරගයක් අතරතුරු එවැන්නක් සිදුවීම සාමාන්‍ය තත්ත්වයක් බව ය.

No comments:

Post a Comment

Post Bottom Ad