ඥානසාර හිමිට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කෙරේ - GOSSIP9.WORLD

Post Top Ad

ඥානසාර හිමිට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කෙරේ

Share This
ඇමරිකාවට ඇතුළුවීම සඳහා බොදුබල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබා දී තිබූ වීසා බලපත‍්‍රය අහෝසි කර තිබේ.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙසේ උන් වහන්සේගේ වීසා බලපත‍්‍රය තාවකාලිකව අත්හිටුවා ඇති අතර මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ඥානසාර හිමියන්ට මේ බව දැනුම් දී ඇති බවද වාර්තා වේ.

" මගේ ඇමරිකානු වීසා වලට ප්‍රශ්නයක් වෙලා තියෙනව. ඒකෙන්ම පේනව ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය. සිංහල බෞද්ධය ලංකාවෙ මහ ජාතිය වුණාට ලෝකයේ සුළු ජාතියක්. එහෙම ජනතාවක් වෙනුවෙන් පෙනී සිටින අපිට ඇමරිකාවට යාම තහනම් කරල " යයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඤාණසාර හිමියෝ කීහ.

No comments:

Post a Comment

Post Bottom Ad