ඩෙංගු මදුරුවාට එරෙහිව බිත්තිවලට රසායනික ආලේපන - GOSSIP9.WORLD

Post Top Ad

ඩෙංගු මදුරුවාට එරෙහිව බිත්තිවලට රසායනික ආලේපන

Share This
ඩෙංගු මර්දනය සඳහා බිත්තිවල ආලේප කිරීමට හඳුන්වාදුන් ආලේපනය මහජනතාව අතර බෙදාදීම ඊයේ ආරම්භ කෙරුණා. කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා කියා සිටියේ එම කටයුතු කිරුළපන ප‍්‍රදේශයෙන් ආරම්භ කෙරුණු බවයි.

දැනට ඩෙංගු යැයි සැකකරන රෝගීන් වැඩි ප‍්‍රමාණයක් දැනට වාර්තා වී ඇති කිරුළපන ප‍්‍රදේශයෙන් අපි මෙම වැඩසටහන ආරම්භ කළා. කිරුළ, කිරුළපන, පාමංකඩ මෙන්ම මට්ටක්කුලිය, මෝදර, මහවත්ත යන ප‍්‍රදේශවලට අපි ප‍්‍රමුඛතාවය දෙනවා. 

ඩෙංගු මර්දනය සඳහා මෙම ආලේපනය කි‍්‍රයාකාරී වන ආකාරයද මෙහිදී විස්තර කෙරුණා. ඩෙංගු වෛරසය ශරීර ගත වූ එය පැතිරීමට හැකි ගැහැනු මදුරුවන් ගේ තුළ සිටී නම් ඔවුන්ව විනාශ කිරීම මෙම ආලේපනය ගැල්වීම තුළින් බලාපොරොත්තු වන බවත් වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසනවා. 

එසේම මෙම ආලේපනය මාස 6ක පමණ කාලයක් එහි බලපෑම ඇති බවද ඔහු පවසනවා. එහිදී ප‍්‍රධාන වශයෙන් මාස 4ක්ද තවත් මාස දෙකක් පමණ කාලයක් එහි බලපෑම ඇති බවයි වෛද්‍යවරයා පවසන්නේ. 


ඔබටද ඔබේ නිවසේ බිත්තිවල මෙම ආලේපනය ආලේප කරවා ගත හැකියි. එ් සඳහා 011 2 69 65 94 අංකයට දුරකතන ඇමතුමක් ලබාදී ඔබේ නම පොරොත්තු ලේඛනයට ඇතුළත් කරවා ගත යුතු වනවා. ඩෙංගු රෝගීන් එක් අයෙකු හෝ වැඩි ගණනක් වාර්තා වූ නිවෙස්වලට සහ අසල්වැසි නිවෙස්වල ඩෙංගු රෝගීන් සිටින ස්ථානවලට එහිදී ප‍්‍රමුඛත්වය ලබාදෙන බවයි වෛද්‍ය රුවන් විජයමුණි මහතා කියා සිටියේ. 

No comments:

Post a Comment

Post Bottom Ad