අධිකරණ ඉතිහාසයයේ ලොකුම දඩය - GOSSIP9.WORLD

Post Top Ad

අධිකරණ ඉතිහාසයයේ ලොකුම දඩය

Share This
රුපියල් කෝටි 399ක වැට් බදු වංචා කිරීමේ නඩුවේ වරද පිළිගත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය දේශීය ආදායම් කොමසාරිස් ගුණසිරි ද සොයිසා ජයතිලක මහතාට  කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය අද රුපියල් කෝටි 1198ක දඩ නියම කළාය.

එය ශ්‍රී ලංකා අධිකර ඉතිහාසයේ විශාලම දඩය මෙය බව සැලකේ.චෝදනා 34කට අවුරුදු තුන බැගින් වසර 102ක සිරදඬුවම එකවර ගෙවී යන සේ නියම කැරිණි.නොගෙව්වොත් ඔහුගේ දේපොළ රාජසන්තක කරන බව ද නඩු තීන්දුවේ සඳහන්ය.


අගය මත එකතු කරනු ලැබු මහජනයාගෙන් අයකරගත් රුපියල් කෝටි 399ක් ව්‍යාපාරිකයින් සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිපදෙනෙක් එක්ව වංචා කර ඇති බවට අධිකරණය හමුවේ පැමිණිලි කර තිබිණ.

මේ සම්බන්ධයෙන් පුද්ගලයින් 14ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරාද තිබුණි.

ආරම්භයේ සිටම මෙම නඩුවෙහි විත්තිකරුවන් නව දෙනෙක් රටින් පිටව ගොස් අධිකරණය මගහැරි අතර නඩු විභාගය කළේ විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිවය.

මීට පෙර ඉන් තිදෙනෙක් වරද පිළිගත් අතර කුමුදුනි වික්‍රමසිංහ විනිසුරුවරිය ඔවුන්ට සිරදඬුවම් හා දඩ මුදල් නියම කළාය.

No comments:

Post a Comment

Post Bottom Ad