උඩවලවේ අලි හොරු තවමත් නිදැල්ලේ - GOSSIP9.WORLD

Post Top Ad

උඩවලවේ අලි හොරු තවමත් නිදැල්ලේ

Share This
උඩවලව ජාතික වනෝද්‍යානයෙන් අලි පැටියෙකු පැහැරගෙන යාමට පැමිණි සන්නද්ධ කල්ලිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද වෙද්දී අලි පැටියා බේරා ගැනීමට එක්වූ වනජීවී නිලධාරීන්ට රුපියල් විසිපන් දහස බැගින් දිරි දීමනාවක් ගෙවීමට එම දෙපාර්තමේන්තුව තීරණය කරයි.

වනජීවී නිලධාරීන්ගේ විරෝධතා මැද පොලිස් නිලධාරීන් මෙම අපරාධ කල්ලියට යෑමට ඉඩ දුන් බවට තොරතුරු ඇති බවත් රාජකාරි නිසි ලෙස ඉටු නොකළ පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ප්‍රකාශ කොට තිබේ.

එහෙත් මේ වන තෙක් එවැනි පියවරක් ගෙන නැති බවත් අලි හොරකමේ ආ සන්නද්ධ කල්ලිය තවම නිදැල්ලේ සිටින බවත් වනජීවී නිලධාරීහු පවසති.

පැහැර ගෙන යාමට තැත් කළ අවුරුදු හතරක් පමණ වයසැති ගැහැණු අලි පැටියා මේ වන විට උඩවලව ඇත් අතුරු සෙවනේ රඳවා සිටී.

හොරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම සහ වනජීවී නිලධාරීන් මේ අපරාධය සම්බන්ධයෙන් තවදුරටත් කතාබහ නොකිරීම පිළිබඳව ජනතාව සැක පල කරන බව අප වාර්තාකරු ප්‍රකාශ කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad