මත්තල ප්‍රහාරයට විරුද්ධව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු හම්බන්තොටට එක්රැස් වෙයි ! - GOSSIP9.WORLD

Post Top Ad

මත්තල ප්‍රහාරයට විරුද්ධව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු හම්බන්තොටට එක්රැස් වෙයි !

Share This
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් සෙනසුරාදා හම්බන්තොට නගරයේ දී විරෝධතා ව්‍යාපාරයක නිරත වෙමින් සිටියහ.

එම විරෝධතා ව්‍යාපාරය දියත් කෙරුණේ, පසුගියදා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ නැරඹීමට ගිය එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කල්ලියක් විසින් එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමටයි.

එම ප්‍රහාරයට සම්බන්ධවූවන් අත්අඩංගුවට ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෝ සටන් පාඨ හඬ නගමින් සිටියහ.

හම්බන්තොට පොලිසිය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් ගෙනගිය ඔවුහු මත්තල ප්‍රහාරකයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය අසමත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය ද විවේචනයට ලක් කළහ.

සිද්ධියට සති දෙකක කාලයක් ගත වී ඇතත් ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පහර දුන් මාධ්‍යවේදීන්ගේ කැමරා කුඩු කළ,පිස්තෝල රැගෙන දිව ආ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට කිසිදු පියවරක් තවමත් ගෙන නැති බවයි,මත්තල ප්‍රහාරයට ගොදුරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා කියා සිටියේ.

පොලිසියේ මග හැරීම
පොලිසිය අඩු ගන්නේ ප්‍රකාශයක් වත් ලියා ගැනීමට පියවර ගෙන නැති බවයි,මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

ඉහත කී ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් කොට නියමිත් පියවර නොගත්තොත් තම පක්ෂය ඊළඟ පියවර ගන්නා බවයි එක්සත් ජාතික පක්ෂයේ වැඩබලන නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය කියා සිටියේ.

එම සිද්ධිය රට නින්දාවට පත් කිරීමක් වන බවයි එජාප වැඩබලන නායකගේ විග්‍රහය වුණේ.

ඉහත කී ප්‍රහාරය හම්බන්තොට දිස්ත්‍රික්කයට ම අපහාසයක් වන බවයි, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස කියා සිටියේ.

No comments:

Post a Comment

Post Bottom Ad