ජනපති මස්සිනාගේ ශ්‍රී ලංකන් පාඩුව දවසකට කෝටි 6යි ! - GOSSIP9.WORLD

Post Top Ad

ජනපති මස්සිනාගේ ශ්‍රී ලංකන් පාඩුව දවසකට කෝටි 6යි !

Share This
2012 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වාර්ෂික අලාභය රුපියල් කෝටි 2,252ක් බව එහි වාර්ෂික වාර්තාවෙන් අනාවරණය වෙයි. මේ අලාභය දිනකට ගණන් බැලුව‍හොත් රුපියල් කෝටි 6.169කි. එනම් පැයකට ලක්ෂ 25කි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2011 වසරේදී රුපියල් කෝටි 1,721ක් හෙවත් රුපියල් මිලියන 17,208ක අලාභයක් ලබා තිබූ අතර එය දිනකට කෝටි 4.78කි. 2012 වසරේදී එම අලාභය සියයට 31කින් වැඩි වී ඇති බව ඉහත වාර්තාවෙන් අනාවරණය වෙයි.

සමාගම පෙන්වා දී ඇත්තේ, ගෝලීය ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ දිගින් දිගටම සිදුවන අවපාතයන්, ඉන්ධන මිල ගණන් ඉහළ යෑම, යුරෝපයේ ආර්ථික පසුබෑම, ආයතනයේ ගුවන් යානා ඇණිය ව්‍යාප්ත කිරීමට හා නවීකරණය කිරීමට ආයෝජන ප්‍රමාද වීම මේ අලාභයට බලපා ඇති බවයි.

එහෙත් ජාත්‍යන්තර ප්‍රවෘත්ති ඒජන්සි වාර්තා කරන්නේ එමිරේට්ස් ගුවන් සේවය 2002 වසරේදී සිය ආදායම ඩොලර් මිලියන 622ක් ලෙස සටහන් කළ නමුත් 2013වසරේදී එය ඩොලර් මිලියන 887ක් දක්වා, එනම් සියයට 43කින් ආදායම වැඩි කරගෙන ඇති බවය. ඔවුන් එම වර්ධනය අත්පත් කරගෙන තිබෙන්නේ ශ්‍රී ලංකන් බලධාරීන් පාඩුවට හේතු ලෙස සදහන් කරන ගෝලීය තත්ත්වයන් තිබියදී ය.

මේ අතර, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩුව පිළිබදව විවරණයක් කළ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්ව‍ා පෙන්වා දෙන්නේ, එම පාඩුවට හේතුව ඥාති සංග්‍රහය බවයි. නිසි පෙර දැක්මක් නොමැතිවීම සහ පළපුරුද්දක් නැති පුද්ගලයන් ඉහළ තනතුරුවලට පත් කිරීම එම ගුවන් සේවය අවුරුදු ගණනාවක් තිස්සේ පාඩු ලැබීමට හේතුව බවත් එම පාඩුව වසරින් වසර ඉහළ ග‍ොස් ඇති බවත් ඔහු පෙන්වා‍ දෙයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වත්මන් සභාපතිවරයා වන්නේ නිශාන්ත වික්‍රමසිංහ මහතාය. ඔහු ජනාධිපති බිරිද ශිරන්ති වික්‍රමසිංහ මහත්මියගේ සොහොයුරාය. අට දෙනෙකුගෙන් යුතු අධ්‍යක්ෂ මණ්ඩලයේ තවත් සාමාජිකයකු වන්නේ උෟව මහ ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂගේ සොහොයුරු ශමින්ද්‍ර රාජපක්ෂයි.

ශ්‍රී ලංකන් සතුව ගුවන් යානා 22ක් ඇති අතර සේවක සංඛ්‍යාව 6600කි.

No comments:

Post a Comment

Post Bottom Ad