හතර දෙනෙක් අල්ලයි, සෙල්ලම් පිස්තෝල නගරාධිපති නොඅල්ලයි ! - GOSSIP9.WORLD

Post Top Ad

හතර දෙනෙක් අල්ලයි, සෙල්ලම් පිස්තෝල නගරාධිපති නොඅල්ලයි !

Share This
මත්තල ගුවන් තොටේදී සහ හම්බන්තොට වරාය අසලදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීරුන්ට පහරදීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් සිව් දෙනකු ඊයේ අත්අඩංගුවට ගැනිණි.

එහෙත් ප්‍රහාරයට අණ දුන් පුද්ගලයා ලෙස සැලකෙන, එම ස්ථානයට පිස්තෝලයක් රැගෙන පැමිණි හම්බන්තොට නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන නැත. කොළඹින් ගිය විශේෂ කණ්ඩායමක් විසින් මොවුහු අත්අඩංගුවට ගනු ලැබූහ.

සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිය අතර නඩු විභාගය ජූලි මස 2 වැනිදාට කල් තැබිණ.

අත්අඩංගුවට ගනු ලැබූවන්ගේ නම් මෙසේය
හම්බන්තොට බදගිරියේ පදිංචි ප්‍රේමසිරි පරණවිතාන (වයස 51)
හම්බන්තොට මැලේකොළණියේ පදිංචි තුවාන් රම්සාන් බහමන් (වයස 32)
අම්බලංතොට දෙහිගහලන්දේ පදිංචි නුවන් මධූෂ තිලාන් (වයස 25)
හම්බන්තොට බසාර් වීදියේ පදිංචි බිංදු ශ්‍රී වර්ණසිංහ (වයස 35)

ප්‍රහාරයට සති දෙකක් ගත වී ද හම්බන්තොට පොලිසිය මේ සම්බන්ධයෙන් කිසිවෙකු අත් අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් පසුගිය සෙනසුරාදා එජාප මන්ත්‍රීවරුන් හම්බන්තොට පොලිසිය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් කළහ.

No comments:

Post a Comment

Post Bottom Ad