ඉසිප්‍රියා ඝාතනය ගැන හමුදාවෙන් පරීක්ෂණයක් - GOSSIP9.WORLD

Post Top Ad

ඉසිප්‍රියා ඝාතනය ගැන හමුදාවෙන් පරීක්ෂණයක්

Share This
හිටපු එල්ටීටීඊ සාමාජිකාවක මෙන්ම ටැමිල් ටීවී නිවේදිකාවකද වන ඉසිප්‍රියා, යුද්ධයේ අවසාන අදි‍යරේදී හමුදා අත්අඩංගුවේදී දූෂණය කර මරණයට පත් කරන ලදැයි පළ වන මාධ්‍ය වාර්තා පිළිබදව හමුදාව විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා ප්‍රකාශ කරයි.

ඉසිප්‍රියාගේ ඝාතනය හෝ මරණය සම්බන්ධයෙන් බටහිර මාධ්‍ය පළ කරන තොරතුරු සත්‍ය දැයි සති අන්ත පුවත්පතක් විසින් කළ විමසුමකට පිළිතුරු දෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, පළ වන එවැනි චෝදනාවල සත්‍ය අසත්‍යතාව මුලින්ම උපකල්පනය නොකර ඒ තොරතුරු පිළිබඳව පරීක්ෂා කිරීමට යුද හමුදාව මූලික පරීක්ෂණ උසාවියක් පත් කර ඇති බවයි.

එය උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ එක් නිර්දේශයක් ක්‍රියාත්මක කිරීමක් බව ප්‍රකාශ කරන බ්‍රිගේඩියර් වනිගසූරිය, මෙම මූලික පරීක්ෂණ උසාවියේ පළමු පරීක්ෂණ වාර්තාව ආරක්ෂක ලේකම්වරයාට දැනටමත් ලබා දී ඇති බවද සදහන් කර තිබේ. දැනට සිදුවන පරීක්ෂණයේ දෙවන අදියර තුළදී ඉසිප්‍රියාට අදාළ ඡායාරූප මෙන්ම වීඩියෝ දර්ශනද පරීක්ෂා කිරීමට නියමිත බවද ඔහු පවසයි.

මේ අතර, චැනල් ෆෝ නාලිකාවෙන් ආරක්ෂක අංශ වෙත එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ සිදු කරමින් පවතින බව, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ කාලීන තොරතුරු පිළිබඳ සතියේ මාධ්‍ය හමුවට ඊයේ (23) එක්වෙමින් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad