[Dehi News] ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේ විවාදයට ගන්නවා - GOSSIP9.WORLD

Post Top Ad

[Dehi News] ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේ විවාදයට ගන්නවා

Share This
ආණ්ඩුවට එරෙහිව එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව එළඹෙන 20 සහ 21 විවාදයට ගැනීමට නියමිතව තිබේ. 

රටතුළ මත්ද්‍රව්‍ය ඇතුළු අන්තරාකාරි ඖෂධ ගලා ඒම වැළැක්විමට රජය අපොහොසත්වීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය විසින් මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. 

එම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ විශ්වාසභංගය ජයග්‍රහණය කිරිම සඳහා සියලු පක්ෂ වල සහයෝගය බලාපොරොත්තු වන බවයි. 

රටට ආදරය කරන සියලු පක්ෂ විශ්වාසභංගයට සහයෝගය ලබාදියයුතු බව ගයන්ත කරුණාතිලක මහතා එහිදී සඳහන් කළේය. 

No comments:

Post a Comment

Post Bottom Ad