අප්පන් සති තුනක් අනුරාධපුරයේ යතුරු කපලා - GOSSIP9.WORLD

Post Top Ad

අප්පන් සති තුනක් අනුරාධපුරයේ යතුරු කපලා

Share This
යුද හමුදාව හා ගැටී මරුමුවට පත් වූ අප්පන් නැමැත්තා සති තුනක කාලයක් තිස්සේ අනුරාධපුර තැපැල් දෙපාර්තමේන්තුව ඉදිරිපිට යතුරු කපන්නට පුහුණුවන්නකු ලෙස සේවය කරමින් සිටි බව හමුදා ආරංචිමාර්ග අනාවරණය කරයි.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප්‍රතිසංවිධානගත නායකයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පසුගියදා නැදුන්කර්නි ප්‍රදේශයේදී යුද හමුදාව හා ගැටී අප්පන් නැමැත්තා මරුමුවට පත්වූ බව රජය ප්‍රකාශ කළේය.

රජයේ ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, සිය මිත්‍රයකු වන වව්නියාවේ පදිංචි රවීන්ද්‍ර නැමැති අයකු මාර්ගයෙන් අප්පන් අනුරාධපුරයට සේන්දු වී තිබේ.

රවීන්ද්‍රගේ මාමණ්ඩිය අනුරාධපුර තැපැල් දෙපාර්තමේන්තුවේ සනීපාරක්ෂක කම්කරුවෙකි. සේවාවෙන් පසු සවස් කාලයේ මොහු තැපැල් දෙපාර්තමේන්තුව ඉදිරිපිට යතුරු කප්පනකු වශයෙන් සේවය කර තිබේ. රවීන්ද්‍ර සිය මාමණ්ඩියට අප්පන් හඳුන්වා දෙමින් යතුරු කපන්නට පුහුණු කරවන ලෙස ඉල්ලා තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

අනුරාධපුර පොලිසියේ බුද්ධි අංශයේ සැරයන්වරයකුට ලැබුණ තොරතුරක් මත තැපැල් දෙපාර්තමේන්තුවේ සනීපාරක්ෂක කම්කරුවා අතඅඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේ දී මෙම තොරතුරු අනාවරණය වී ඇත. අප්පන් මොහුට හඳුන්වා දුන් ඔහුගේ බෑනා වන රවීන්ද්‍ර සොයා පොලිස් කණ්ඩායමක් වව්නියාවට ගිය අවස්ථාවේ ඔහු සිය බිරිඳ සමග අතුරුදන් වී ඇති බව සොයා ගෙන තිබේ. වටිනා නිවස,එළු පට්ටිය ඇතුළු සියලු දේපොල විකුණා දමා මොහු අතරුදන් වී ඇත්තේ නැගණියගේ විවාහයට සහභාගී වීම සඳහා සිංගප්පූරුවට යන බව  නෑයින්ට පවසමින්ය.

අත්අඩංගුවට ගත් සනීපාරක්ෂක කම්කරුවා 54 වැනි වියේ පසුවන අතර ඔහු අනුරාධපුර දේවානම්පියතිස්ස පුර පදිංචිකරුවෙකි. සැකකරුවා අද (02) අනුරාධපුර මහේස්ත්‍ර‍ත් අධිකරණය හමුවට පමුණුවා කොළඹ ත්‍රස්ත විමර්ෂණ ඒකකයට භාර දීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad